ටයි මාමත් අපි හැරදා ගිය වගයි!!!

Monday, October 17, 2011

මීට පෙර මා විසින්ම පලකරන්නට යෙදුනේද මරණදැන්වීමක් ගැන පුවතකි. මෙවරද එය එසේමය. මෙය ශෝකානුකූල කාල පරිච්ඡේදයක්දැයි විටෙක සිතට දැනේ. අද්විතීය කෘතහස්ත පුද්ගලයින් කිහිප දෙනෙකුම කෙටිකාලයක් තුල අපෙන් සමුගෙන හමාරය.






ඉහත ඡායාරූපය අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. කුඩාකල අපි ආසාවෙන් බැලූ කාටූන් වල මෙන්ම රොබින් හුඩ් වැනි සුරු විරු කතාන්තර වල අවසානයේ රූප පෙට්ටියේ දිස්වන රුව එයයි. එකල පටන් අප ඔහු හැදින ගන්නෙ ටයි මාමා නැතිනම් ටයිටස් තොටවත්තයන් ලෙසිනි.


ටයිටස් තොටවත්ත නම් සොඳුරු මිනිසා අපේ මනසට එසේ ආමන්ත්‍රණය කොට ඇත. ඒ පිළිඹද අටුවා ටීකා ටිප්පනි අවැසි නොවේ. ලොකු කුඩා බාල මහලු ඕනැම කෙනෙක් එක සේ ටයි මාමාට ආදරේ කරන්නෙ ඒ සොඳුරු මිනිසාගේ සුන්දර ළමා නිර්මාණ මනැසේ රැව්දෙන නිසාමය.




එතුමන් දස්කම් දැක්වූයේ ක්ෂේක්ස්ත්‍රයකට දෙකකට නොවේ බොහෝමයකටය. කැමරාකරණය, සංස්කරණය, අධ්‍යක්ෂණය, රසායනාගාර කටහඬ, හඬකැවීම් ශිල්පයන්ගේ ඔහු දැක්වූ දස්කම් අපි සියැසින් විඳ ගත්තෙමු. ලංකාවේ කාටුන් කලාවේ පුරෝගාමී මෙහෙවරක් ඔහු විසින් ඉටු කලේය. අප කාගේත් සිත් බැඳගත් දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හා හා හරි හාවා වැනි නිර්මාණ මෙන්ම රොබින් හුඩ්, ඔෂීන්, මල්ගුඩි දවස ඇතුළු ටෙලි නාට්‍ය, කාටූනන් සිංහල හඬ කවා මෙන්ම උපසිරැසි සමගින් අපේ හදවත් ලඟට ගෙනාවේ ඔහු විසිනි.


අද ටයි මාමා අපෙන් සමුගෙනය. එතුමන් ගේ නම සදා අප සිත් සතන්තුල රැඳේවි


ටයි මාමේ ඔබට නිවන්සුව!!!

8 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    October 17, 2011 at 10:30 PM

    ළමා ලොවේ වීරවරයාණනි !!! ඔබට නිවන් සුව අත්වේවා !!!!

  • චතුවා says:
    October 17, 2011 at 11:01 PM

    ඉස්සර ටීවී එකේ වැරදිලාවත් අර පළවෙනි පිංතූරේ දැක්කාම චැනල් එක නම් මාරු කරන්නෙ නෑ කවුරුම කීවත්.. මොකද ඒක ගොඩක් වෙලාවට දාන්නේ කාටුන් එකක් පටන් ගන්න යද්දී. දැන් තියෙන කාටුන් එක්ක බලනකොට ඒ කාටුන් කොච්චර රසවත්ද.. ඒ කාටුන් අපිට තේරෙන්න අපි අතරට ගෙනත් දුන්න ටයි මාමාට ගොඩක් පිං!

    ටයි මාමාට නිවන් සුව අත්වේවා.....!!

  • පන්සල් හංදිය says:
    October 18, 2011 at 12:33 AM

    ටයි මාමාට නිවන් සුව ........

  • Anonymous says:
    October 18, 2011 at 7:28 AM

    මොලේ තියන මිනිස්සු එක එක්කෙනා යන්න යනව වගේ! :(

  • Raj says:
    October 18, 2011 at 9:59 AM

    අපේ පරන වීරයො ඔක්කොම නවලොවකට යනව සහෝ...
    පුරස්නේ...ඒ ඉඩ පුරවන්ට...නවීන වීරයෝ..හිඟ වීමයි.

  • Samee says:
    October 18, 2011 at 10:40 AM

    මෙහෙමනෙ වෙන්නේ ...
    අහුබුදු මහත්තය ගිහිල්ල එයාගේ සෙට් එකට එහාට එන්න කියල අඩගහනවා....
    ජෝ මහත්තය ..
    කේ. ජයතිලක මහත්තය ...
    ටයි මහත්තය .....
    ඊලගට කවු ද????????????????

  • සීතල අයියා says:
    October 18, 2011 at 11:27 AM

    ළමයගෙ කතාවනම් සහතික ඇත්ත. ආයෙ චැනල් මාරු කිරිලි බොරු.

    ටයි මාමාට නිවන් සුව අත්වේවා!!

  • KC says:
    October 18, 2011 at 12:28 PM

    ටයි මාමේ ඔබට නිවන්සුව!!!

Post a Comment