උපන්දා සිට

Saturday, October 8, 2011

ඔන්න මම ආවා කාලෙකින් මේ පැත්තේ.. (ඇත්තම කීවොත් අක්ෂර වාසින් මාව ගහලා පන්නන්න කලින් මම කල්පනා කලා ලිපියක් ලියන්න)
අද මම ආවේ හිස් අතින් නෙවෙයි මම ආවේ බාල මහලු කොයි කාටත්  එකම විදියට රස විඳින්න පුළුවන්  ලස්සන පොතක් ගැන තොරතුරුත් අරගෙන
ඒ පොත තමයි මේ තියෙන්නේ


මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ උපන්දාසිට කෘතියේ මුල් කොටස වන බාල විය නැමැති පොත. 

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් 1961 වසරේදි ලියා පල කල මේහි මුල් කෘතියේ බාල විය, තරුණ විය, මැදි විය ලෙසින් කොටස් තුනකින් සමන්විතයි. මේ වෙන කොට මට කියවලා ඉවර කරන්න පුළුවන් උනේ බාල විය පමණයි. ඒ කියවපු කොටසින් අතීත ගැමි දරුවන්ගේ ජීවිත පිළිබඳ පැහැදිලි අවබොධයක් ලබා ගන්න මට පුළුවන් උනා. ඒ වගේම නවීන සංකීරන සමාජ වට පිටාව තුල අපේ ළමා කාලය සහ අපෙන් පසු පරම්මරාවල ළමා කාලය ගෙවී යන අසුන්දර රිද්මය ගැන ලොකු කලකිරිමක් මගේ සිතේ ඇති උනා.

මේ කෘතිය කියවන් යද්දි මනසේ ඇඳෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ඉතාමත් සුන්දර ළමා කාලයක් ගත කරන ආකාරය. ඒ වගේම පසුකාලීනව එතුමා අතින් බිහිවන බොහොමයක් චරිත වල මුල් හිමිකරුවන් පිළිබඳ සොදුරු විස්තරත් දැන කියා ගන්න පුළුවන්. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතින් බොහොමයක් කියවපු කෙනෙක්ට මෙහි කියැවෙන චරින හමු වී ඇතුවාට සැකයක් නැහැ .

පන්සලේ, ඉංග්‍රීසි පාසලේ, සිංහල පාසලේ මෙන්න මුහුදු වෙරලේ ගංඉවුරේ පවා කුඩා මාර්ටින් වික්‍රමසිංහයන් කල කිදෑ නෙත් අද්දර මවා පෙන්වන්නට තරම් සමත් මේ කෘතිය කියවන්න ඔබටත් ආරාධනා කරන ගමන් මම නවතිනවා.

ISBN 955-8415-04-9
ප්‍රකාශනය: සරස (පුද්ගලික) සමාගම
මිල:  රු. 140/=

6 ප්‍රතිචාර:

  • Prabhath says:
    October 8, 2011 at 9:51 PM

    වටින ලිපියක් නොවැ. මං මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ හුඟක් පොත් කියොල නැති වුනාට කියෝපු දෙක තුන නම් අති විශිෂ්ඨයි. දැං තියෙන හාල් කෑලි පොත් මොනාද කියල හිතෙනවා. මේක මතක් කරපු එක හොඳයි. වහාම ක්‍රියාත්මක වන පරිදි උපන්දාසිට ලබාගැනීමට කටයුතු කළ යුතුයි :)

  • The Lion says:
    October 9, 2011 at 1:01 AM

    එළ නියම ලිපියක් ...........:D

  • Anonymous says:
    October 9, 2011 at 6:44 AM

    වටිනාකමින් යුත් ලිපියක්! සමහරවිට වික්‍රමසිංහයන් හා එතුමාගේ කෘති තරමටම! :)

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    October 10, 2011 at 12:01 AM

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.....

  • නදී says:
    October 10, 2011 at 12:43 PM

    මට මතක විදියට මම් මේ පොත කියවලා තියනව,

  • Anonymous says:
    October 10, 2011 at 3:27 PM

    බුදු අම්මෝ රු.140/= ගනං වැඩියි ගනං වැඩියි.රීලෝඩ් කීයක් දාන සල්ලිද..

    සීතලේ.

Post a Comment