උඹේ කටෙත් කේක්, මගේ කටෙත් කේක්

Saturday, September 10, 2011




.මේ දවස් වල අක්සරේ කෑම රෙසිපි ගැන වැඩි අවදානයක් තියෙන එකේ මටත් හිතුනා ගෙදරදිම කෑමක් හදා ගන්න හැටි දාන්න.ඇයි බොලේ ගෑණුන්ට විතරද කෑම හදන්න පුලුවං. හ...මම හදන්න යන්නෙ අවන් එකක් නැතුව කේක් එකක් කොහොමද හදා ගන්නෙ කියලා. සමහර අය ඉන්නවනෙ අවන් එකක් නැති නිසා ගෙදරදි කේක් එකක් හදා ගන්න බැරි අය. හරිම ලේසියි අනේ.. :) දැන් බලමුකො කොහොමද හදාගන්නෙ කියලා. :)

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන් පිටි                                    100 g
සීනි                                          100 g
මාජරින්                                     100 g
බිත්තර                                      2
බේකින් පවුඩර්                            තේ හැදි 1
ජලයේ දියකර ගත් කිරි පිටි             තේ හැදි 2


සාදන ක්‍රමය:-
බිත්තරේ අරගෙන සුදු මදෙයි, කහ මදෙයි වෙන් කර ගන්න. සුදු මදේ පොඩ්ඩක් පෙන එනකං ගසාගෙන පැත්තකිං තියා ගන්න.(පෙන එන තරමට තමයි සොෆ්ට් වෙන්නෙ)
දැන් බෝල් එකකට මාජරිනුයි සීනියි දාලා හොදට අනා ගන්න. (සීනි දියවනතෙක්), එකම අතට (ඇත්තද බොරුද දන්නෙ නෑ මම නම් හැම අතටම ගැහුවා) :D ( සීනි ඔක්කොම දිය වෙන්න ඕනමත් නෑ.ඔක්කොම දියවනකං අනන්න ගියොත් ජීවිතේ එපා වෙයි.නැත්තං සීනි කුඩු කරලා ගන්න. එතකොට හරිනෙ.). දිය උනාට පස්සෙ බිත්තර කහ මද 2 යි, දියකර ගත් කිරි පිටි තේ හැදි 2 (හොදින් නිවාගත්) යි ඒකට දාලා සෙමෙන් ගසා ගන්න. ඊට පස්සෙ අර හොදට ගසා ගත්ත බිත්තර සුදු මද දාලා සෙමෙන් කවලං කර ගන්න. පෂ්ශෙ බේකින් පව්ඩර් දාලා අනා ගත්ත පාන් පිටි හිමින් හිමින් දාමින් හොදින් අනා ගන්න. කැමතිනම් චොක්ලට් පවුඩර් ටිකකුත් දා ගන්න. (හැබැයි මම ඒකනම් කරලා නෑ..)

දැන් නේද ලොකුම පුරස්නය :-\
කෝ අවන් එකක් ?????????









අනේ අපිට මොකටද අවන්. මගේ බල්ලටවත් ඕන නෑ අවන් :P කාගෙ කාගෙත් ගෙදර තියෙන ටොස්ටරේ තියෙන්නෙ. :D හැබැයි ඒකත් නැත්තං වෙන ක්‍රමේකුත් තියෙනවා. කාටහරි ඒක දැන ගන්න ඕනමනම් කියන්න. මම මේකට කමෙන්ට් එකක් විදියට විස්තර කරන්නම්.ඒක හැබැයි ටිකක් අමාරු වැඩක්. වැලිවලින් කරන්නෙ.


රි දැන් කතාවට එමුකො,


රත් වෙච්ච ටෝස්ටරේට අපි දැන් හදා ගත්තු මිශ්‍රනේ අරගෙන මේස හැදි 1 ගානේ ටෝස්ටරේට දාලා පොඩ්ඩක් හැම තැනම විසුරුවලා වහන්න. ටෝස්ටරේ ඇලෙන්න බලනවා නම් මාජරින් පොඩ්ඩක් ටෝස්ටරේ දෙපැත්තට ගාන්න. 
ටිකක් වෙලා ගියාට පස්සෙ පොඩ්ඩක් ඇරලා බලන්න හරිද කියලා.( ගෑරැප්පුවකින් මැදට ඇනලා බලන්න මැද තාම දියාරුද කියලා. දියාරුනම් තව ටික වෙලාවක් වහලා තියන්න) මට නම් වි.7 ක් විතර ගියා එකකට.
ටෝස්ටරේ ඇලෙනවනම් මිශ්‍රනේ, ටෝස්ටරේට දාන හැම වතාවකටම ඉස්සෙල්ලා ටෝස්ටරේට මාජරින් ගාන්න ඕන. (ටෝස්ටරේ, නෝනා ස්ටික් නම් ඕන නෑ මාජරින් ගාන්න)


හැබැයි හැම වෙලාවම අරින්නයි වහන්නයි යන්න එපා. එතකොට කේක් එක පිම්බිලා සොෆ්ට් එකට එන්නෙ නෑ.


දැන් තියෙන්නෙ හදා ගත්ත කේක් ටික කන්න. පුලුවන්නං මගේ පංගුව එවන්න. නැත්තං බඩ ගමේ යයි.   :D







(පැය භාගයකට පසු)

තව දවසක තවත් කෑමකින් එහෙනම් සෙට් වෙමුකො. (පුලුවං උනොත්). :)
එහෙනම් අපි ගියා...
bye..

19 ප්‍රතිචාර:

  • Anonymous says:
    September 10, 2011 at 8:55 PM

    මාත් නිරන්තරයෙන් හදන කෑමක්...ලේසි පහසුයිනේ...ඕක තවත් රහ කරන්න දොඩම් යුෂ වගේ ස්භාවික රසයන් එකතු කරන්න පුළුවන්...හැබැයි ඒ රසට කැමතිනම්...

    ඒ වගේම මුද්දරප්පලම්,රට ඉදි වගේ එක් කරාම මාර රහයි...

  • Kasun says:
    September 10, 2011 at 9:09 PM

    අම්මප අපේ කොල්ලොත් හොඳ හොඳ වැඩ දන්නවා නෙ. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ කට්ටියට, බය නැතුව නෝනා එක්ක රණ්ඩු අල්ලන්න පුළුවන්. ඇයි ඉතින් කේස් එකක් ගියොත් ඕන වෙලාවක කේක් එකක් හදාගන්න පුළුවන් නෙ. නෝනගේ ගෑස් බලන්න ඕන නෑ. :D

  • නදී says:
    September 10, 2011 at 9:36 PM

    ඔයා නම් නියමයි මල්ලි.මමත් හදලා බලන්න ඔනේ.පුලුවන් නම් ඇඹරෑල්ලා චට්නි එකක් හදන හැටි කියල දේකෝ.

  • ආඩම්බරකාරී says:
    September 10, 2011 at 9:53 PM

    ශා මරුනේ මාත් ට්‍රයි කරන්න ඕනි මෙහෙම හදන්න.සීතල අයියෙ කෝ එතකොට අර එක බිත්තරේකින් හදපු කේක් එකේ රෙසිපිය?

  • මාධව විදුරංග says:
    September 10, 2011 at 11:13 PM

    නියමයි! ඒත් වැලි වලින් කරන දේ කිව්වෙ නෑනේ!

  • චේ උන්නැහේ... says:
    September 11, 2011 at 12:02 AM

    සීතල අයියා මොනා උනත් හොඳ එකා. මටත් කතා කරලම මගේ පංගුව දුන්නා.. (එකයි අෆ්ෆා දුන්නේ) රසයි ඈ..අපේ සීතල අයියා මැට්ටා වගේ හිටියට යමක් කමක් දන්නවනෙ බලාගෙන යනකොට.....(කොහොමත් මැට්ටා තමයි)

  • Bunny says:
    September 11, 2011 at 7:48 AM

    ශික් චේතන වැඩෙ කැතයි ආ.. කන්න දීපු අත සුප්පු කරලානෙ.. ඔහොමත් ප්‍රසිද්දියෙ මැට්ටා මැට්ටා ගානවද ? :D
    ඒ සිතලයා..වැඩෙ මරු ඇ :D

  • Anonymous says:
    September 11, 2011 at 8:44 AM

    ඔය පැය බාගෙට පසු මෝකද වෙලා තියෙන්නෙ අයියෙ??

  • චතුවා says:
    September 11, 2011 at 10:52 AM

    මමත් හදලා තියෙනවා බං ටෝස්ටර් එකෙන් කේක්.. ඒත් අපේ අම්මා ඒ සම්බන්ධව දැඩි විරෝධයක් දක්වනවා.. ඒ නිසා ලඟකදී හදන්න ගියේ නෑ.. :))

  • නදුන් උයන says:
    September 11, 2011 at 1:46 PM

    මරේ මරු... අපිට කොයි අවන්.. අපිට කොයි ටෝස්ටර්... කන්න තියෙන්නේ වැලි තමයි,... :P

  • සාතන් says:
    September 11, 2011 at 6:30 PM

    අඩේ මරු ක්‍රමේ... :)

  • සීතල අයියා says:
    September 11, 2011 at 7:01 PM

    @ අසනි- ඔව්. එහෙම හදන්නත් පුලුවං. තව ඕනනම් දෙහි ලෙල්ල ග්රේට් කරලා තේ හැදි බාගයක් දාලාත් නියමයි.

    @කසුන්- අන්න හරි කොල්ලා. හැබැයි ටික වෙලාවකට විතරක් රංඩු වෙන්න. හැමදාමත් කේක් කන්නත් බෑනේ.. හික්ස්..

    @නදී- තැන්කූ අක්කා. ඇයි මම ඔයාට ඒක හදන විදිය msg කලේ.

    @ආඩම්බරකාරී- ඕක තමා. මම එක බිත්තරේකින් කරන්න කියලා තමා හිතා හිටියෙ. පස්සෙ 2ක්ම දැම්මාග :D

    @චේ උන්නැහේ- උබ‍ට කන්න දුන්නට වැඩිය හොදයි ඒකත් මමම කාලා දැම්මනම්.

    @හාවා- ඒක තමා බං. ‍ටැංකූ කිව්වා.

    @තනි අලියා- ඒකනම් අහන්න ඕන කටිං තමා. :D

    @චතුවා (ළමයා)- එලනෙ. අනේ ඇයි ඒ?

    @නදුන් උයන, මාධව - මගෙ අම්මේ ඒකත් ඕනෙයි. හ්ම්... මම එහෙනම් ඉංග්‍රීසියෙං කොටන්නම්.මට තාම සිංහල කොටන්න පොඩ්ඩක් අමාරුයි.
    menna mehamai karanna. issallama poddak loku waladakata muhudu wali purawanna.eta passa api cake eka hadana tray eka wahana widiyatath wali dala wali purawanna. eta passa waladata yatin gindara danna. habai kollo gindara ekakarawa adu gindaren wanna ona. eta passa thatiya rath wana walawata cake mixture eka danna.eta passa tray eka wahala waladath wahanna. habai cake eka samahara vita pichchannath puluwan. eka nisa adu rasnan karanna. :)

    @ සාතන්- ස්තූතියි සහෝ.. :)

  • පිස්සු පුසා says:
    September 11, 2011 at 7:58 PM

    හි හි....කන්න පුලුවන් වෙයි නේ ලොල් ;)

  • සීතල අයියා says:
    September 12, 2011 at 8:32 AM

    කන්න පුලුවං වෙයි. මොනාහරි අවුලක් උනොත් හා‍වගෙ http://freeanushka.blogspot.com/2011/07/blog-post_06.html මේකෙ තියෙන එක හදාගෙන බොන්නකො.. :D

  • සිතුවිලි නිහඬයි says:
    September 12, 2011 at 11:16 AM

    ශා....ශෝක් නේ.....මාත් හදන්න ඕන....අර අනිත් ක්‍රමෙත් කියන්නකෝ අයියා

  • සංකල්ප says:
    September 12, 2011 at 7:57 PM

    මගේ කටට කෙලත් ඉනුවා. මම් එනකොට පිගාන විතරයි තියෙන්නේ. කේක් ටික ඉවරයි.

  • Prabhath says:
    September 13, 2011 at 7:35 AM

    ආ උඹත් පටංගත්තද ඒපාර උයන්න... හොදා හොදා....අක්සරේ නම වෙනස් කරමු එහෙමනං කෑම පිඟාන කියල :P

  • පැන්ඩා says:
    September 16, 2011 at 11:49 PM

    අඩේ මරු

  • ශානි says:
    September 22, 2011 at 1:01 PM

    හයියෝ......... මම ටෝස්ටරෙන් කේක් හැදුවේ දැනට අවුරුදු 8කට විතර කලින්

Post a Comment