සැමදාමත් මා ඔබේමයි..

Wednesday, September 28, 2011


සැමදාමත් ඔබව මා
සිහිනෙන් දු‍ටුවා
අද ඔබ ආ විට
මා මඟ හැරියා

මා මඟ හැරියත්
මගෙ සිත මඟ නොහැරියා
වචනයක් හෝ කතා කෙරුමට
දැඩි ආසාවක් ඇති වුනා

දැඩි ආසාවක් ඇති වුනත්
මගෙ සිත බය වුනා
ඇය ම‍ට මිරිඟුවක් වේ දෝ කියා
මගෙ සිත කෙඳුරුවා

මගෙ සිත එසේ කෙඳුරුවත්
ඇය හා වචන කිහිපයක් තෙපලුවා
එයින් මට වැටහුනා
ඔබව මඟ හරින
හැරුමක් හැරුමක් ගණනෙ
දහස් වරක් ඔබව ලං වෙන බව

ප.ලි- නිකං හිතුනා. ඉතිං කාලෙකිං ලිව්වෙත් නැති එකේ ලියලා දැම්මා.. :D

11 ප්‍රතිචාර:

  • නදී says:
    September 28, 2011 at 6:37 PM

    ලස්සනයි

  • නදී says:
    September 28, 2011 at 6:38 PM

    පෞද්ගලික අද්දැකීමක් වෙන්ටැ

  • සංකල්ප says:
    September 28, 2011 at 6:41 PM

    ලස්සනයි කවි සෙට් එකම. :)

  • කපීකේකි says:
    September 28, 2011 at 6:42 PM

    ඇයි ඔයා හීන මවන්නේ? මම් දන්නව ඔයා හීන මවන්නේ අරය ගැන නේද?#ඉශ්

  • Anonymous says:
    September 28, 2011 at 6:45 PM

    වස්සානයට අත වනලා ඉමු මග බලන් ....

    උද්‍යානයක කෙළවරට වී

    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්

    මං ගාවින්ම උණුහුම නොදී...

  • සීතල අයියා says:
    September 28, 2011 at 7:16 PM

    @ නදී- ටැන්කූ කිව්වා. අනේ පිට්ටුද අනේ?

    @මදූ- ස්තූතියි යාලුවා

    @කපීකේකි- ඒකනම් අහන්න ඕන හීනෙන්ම තමා. ඉශ්? හිංදි වලනම් ඔය වචනෙ තියෙනවා.අනික මම කොල්ලෙක්නෙ මෙයා. :D

    @Anonymous- ලස්සනයි යාලුවා...

  • Anonymous says:
    September 28, 2011 at 7:19 PM

    එය එසේ වීම ගැන සතුටුවෙමි! :) :)

  • හිස් අහස says:
    September 28, 2011 at 10:55 PM

    අත්දැකීමක්ද සිතිවිල්ලක්ද ?

  • සීතල අයියා says:
    September 29, 2011 at 7:31 PM

    @ තනි අලියා- මොකක් වීම ගැනද හලෝ?

    @ හිස් අහස- සිතිවිල්ලක් මෙයා. :)

  • Anonymous says:
    September 30, 2011 at 12:11 PM

    නුබ දුර යන්න යන්නම
    මට තවත් ලන් වෙනවා විනා
    වෙන්විමක් නැති බව
    මට දැන් පසක් වී හමාරය..

    තවත් සැගවි නොයිද
    පිළිගනිමු ආදරය
    නුබ වෙලා මට
    මං කියනා පහන් තරුව...

  • Unknown says:
    October 11, 2011 at 12:45 PM

    ටොප්

Post a Comment