අයන්න

Monday, December 20, 2010


අක්ෂරයේ පළමු ලිපිය මාවෙතින් ලියන්නට ආරධනා ලැබීම ගැන හදපත්ලෙන්ම අක්ෂරයේ නිර්මාපකයින් වන ළමයා හා නදී අක්කාට ස්තූතිවන්ත වෙමි. “අක්ෂර“ වෙනුවෙන් මගේ පළමු ලිපිය ලෙස කුමක් ලියන්නදැකි කල්පනා කරන කල්හී “අක්ෂර“ වෙනුවෙන් අකුරෙහි වැදගත්කම මාගේ ඇසින් ඔබ වෙත ගෙන ඒමට සිතුනි.

අපි බස හසුරවන්නෙමු. ඒ අපට භාෂාවක් ඇති බැවිනි. අපේ භාෂාව සිංහලයි. එලෙසම ලෝ පුරා විවිධ වූ භාෂාවන් අප්‍රමාණව ඇත. මිනිසා නමැති සත්වයා මෙන්ම, අනෙකුත් සතුන්ද තමන්ටම ආවෙනික වූ භාෂාවන් හසුරුවයි. නමුත් මිනිසාභාවිතා කරන බසෙහි විෂේශත්වයක් ඇත. එනම්, ඔහු බස අකුරු කිරීමයි. එනම්, තම අදහස ලිඛිත මාධ්‍යක් ඔස්සේ එළි දැක්වීමයි. “අක්ෂර“ බිහිවන්නේද එහි පිහිටෙනි.

අද අපි අක්ෂර ඔස්සේ විවිධ කෙළි සෙල්ලම් කරමු. විටෙක එය අපූරු නිදහස් මාධ්‍යකි. විටෙක එය වදයකි. එහෙත් අපූරු නිර්මාණයකි. අකුරු කවදා කොතැනින් ඇරඹුනිදැයි කිසිවකුත් නොදනී. නමුත් ඈත අතීතයක සිට කෙමෙන් කෙමෙන් සංවර්ධනය වී අද පවතින සුකොමල අකුරු බිහිවී ඇති බව කාගේත් පිළි ගැනුමයි. පළමු කොටම අදහස් ප්‍රකාශනයට චිත්‍ර රූපක ආදිය භාවිතා වූ බවට සාධක ඇත. එයින් ඇරඹුනු අකුරේ පරම්පරාව අද අතුපතර විහිදාගත් මාහා වෘක්ෂයක් බඳුය. තවමත් නොනැසී වැඩේ. මුලු මහත් විශ්වයම ආක්‍රමණය කරමින් එය වැඩේ.

‘අයන්න‘ සිංහල හොඩියේ සංකේතය බඳුය. ඒප්‍රමුඛයායි. අයන්නෙන් බිහිවන අක්ෂර මාලාව සිංහල හෝඩියයි. දරුවකු අකුරු කියවන්නේ අයන්නෙන් අරඹීමෙනි. ඉතින් අයන්න අප ජීවිතයට කොතරම් සමීප මිතුරෙක්ද....


අකුරු ගලපා, පටලා ලියාගන්නා දෙය විටෙක අපූරු නිර්මාණයකි, විටෙක මරණ වරෙන්තුවකි. බලන්න එහි වෙනස. රසය ආශ්වාදය මෙන්ම, බිය සංත්‍රාසයද එහි ගැබ්ව පවතින අපූරුව. 


ඉතින් අක්ෂර වෙනුවෙන් දිගු ගමනක ප්‍රමුඛ වෙඩිමුරයක් මෙලෙස පොඩි මහත්තයාගෙන් සනිටුහන් කරමි.... 
අක්ෂරයට සුභාශිංසන...

අකුරු කරණයේ අපූරු සබැඳූම ඉදිරියෙනි.........................පරිස්සමෙන් දෑස්රිය පදවන්න. 

3 ප්‍රතිචාර:

  • චතුවා says:
    December 20, 2010 at 12:14 PM

    අයන්නෙන් පටන් අරගෙන දිගටම ලියන්න ඕං අයියට මගෙන් සුබපැතුම්!

  • Kavindya says:
    December 20, 2010 at 2:44 PM

    "අ"...අම්මා...අප්පච්චී...
    ලෝකේ තියෙන සුන්දරම වචන දෙකක ඇරඹුම...ඒකත් පටන් ගන්නේ "අ" යන්නෙන්.... සුන්දර ඇරඹුමක්....

  • -HacKrisH- says:
    December 20, 2010 at 11:14 PM

    නියමයි... පොඩි අංකල්... ජය වේවා... දිගටම ලියන්න...

Post a Comment