රොද බැඳී මිතුරුදම්
එකිනෙකා සෙනෙහසින්
ගලායන ජීවිතය
මම හිතන හැටි සමග
තවත් මිතුරන් එක්ව
ඇරඹි අක්ෂරය වෙත
ලියමි මා මේ ලෙසින්..,
මිතුරුදම් බෝ අගෙයි
කිසි දිනෙක නිම නොවෙයි
පදවැලක වදන් මෙන්
අරුත් දෙයි සුවද දෙයි
එකාමෙන් දිදුලන්න
සයිබරය ජය ගන්න
පුදන මේ සුභ පැතුම්
ඔබ සැවොම පිළිගන්න..
මේ සුභපැතුම් අක්ෂරයේ මගේ යාළුවෝ හැමෝටම.ඒ වගේම මුලින්ම මම නදී අක්කාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාවත් මේ වටිනා කටයුත්තට එකතු කර ගත්තාට.මටත් වඩා නදී අක්කා ඒකට ගොඩක් මහන්සි වුණා.ඉතින් නදී අක්කා,ළමයා,සුදුහංසි,පොඩි මහත්තයා,මමයි ඔයයි සහ චේතන ඔයාල හැමෝටම ස්තුතියි මාව අක්ෂරයට එකතු කරගත්තට.අක්ෂරයට ජය..හැම දෙනාටම සුභ රැයක්..!!
ඔයාවත් අපි, අක්ෂරය වෙනුවෙන් සතුටෙන් පිලිගන්නවා!.
එල...
බලන්න ලියන්න එහෙනම්