ජීවිතය...
උදෑසන=ළමාකාලය
කුඩාකල පැල ගසකි, නිදහසේ නිසොල්මනේ වැඩෙයි
සරුංගලයක් සේ පාවීයයි හිස ආකාසේ පුරා....
එහෙත් සරුංගලය නූලෙන් බැඳ ඇත්තේ අයාලේ නොයනු පිණිසයි.
ජීවිතය...
දිවාකල=තරුණකාලය
උසට වැඩුනද ස්ථිර බවක් නැති ගසකි
ආදර දැනෙයි එය සොයා යයි...
හිස් අහස පුරා සැරි සරයි... බැඳ දැමු නූලු පට බිඳ දමා...
ජීවිතය...
සැඳෑකල=වැඩිහිටිකාලය
ශකිතියෙන් මුහුකුරාගිය වැඩුනු ගසකි.
අහස හිස් වුව එදෙස බලා සිටිනු මිස පුරා සැරි සරන්නේ නැත...
ජීවිතය දෙස හැරී බලන කාලයකි එය...
ජීවිතය...
රාත්‍රිය=සමුගත් නැවතුම
කොළහැලී වයසට ගොස් මියැදුනු ගසකි.
තරු පිරිවැරුණු රෑ අහසේ සුන්දරත්වය
බලනු පිණිස එහි කිසිවකුත් නැත...
මේ පිංතූරේ කොයිතරම් දැකලා ඇතිද මම? කවදාවත් මේක නම් හිතුවේ නෑ. වචන නෑ අයියා. උපරිමයි!
ලස්සන පද ගෑලපුමක්!
ඈත්තටම ජීවිතය කියන්නෙ මේක නේද?
ලස්සන නිර්මාණයක් මහත්තයො...... බොහොම අගෙයි.....
එලයි එලයි...
වාව...බොහෝත් අච්චා ලගා බේටා
අපූරුයි.
හොඳ බ්ලොග් එකක්.
Iru ට ස්තුතියි පාර කිව්වට.
ගති...සුපර්...
පුදුම ලස්සනයි.. අපූර්වයි...
හ්ම්ම්ම්ම්ම් දුක සතුට අතර දොලනය වන ජීවිතය.... හිතට දැනුනා පොඩී...
හප්පේ පොඩිට කවි ලියන්න පුළුවන් කියලා අදනෙ දන්නෙ.කොහොම වුනත් හරිම ලස්සනයි..
බොහෝමත්ම ස්තූතියි හැමෝටම....