ආදරේ කාටද?????

Wednesday, December 29, 2010





වෙලාව රෑ 7ට විතර ඇති..ජන්ගම දුරකථනය නාද උනේ කෙටි පනිවිඩයක් ලැබුන නිසා..කාගෙන්ද කියල දැන දැනත් මම බැලුවා...ආහ්.....මගේ යාලුවෙකුගෙන්..හොද යාලුවෙකුගෙන්.එයාගෙන් ලොකුම ලොකු ප්‍රශ්නයක්..

ඉරුට වඩා අපි සදුට ආදරේ කරන්නේ මොකද අහනවා..අනේ මන්දා මොනවා කියන්නද කියලා.ඇත්ත්ටම අපි ආදරේ ඉරුටද,සදුටද?

ගොඩක් අය කියයි සදුට කියලා.සදු ලස්සනයි..හැඩයි...ඉරුට වගේ නෙමේ සදුට ගොඩාක් ලන්වෙන්න පුලුවන්.

තරු ගොඩාක් වට කරන් පුන්චි එලියක් විහිදගෙන කොච්චර ලස්සනට අහසේ පායනවද,,,ඒ ලස්සන කියලා නිම කරන්න බෑ...අපේ බ්ලොග් ලියන කට්ටියත් කොච්චර දෙනෙක් සදු ගැන නිසැදැස් ලියල තියෙනවද?

හැමෝමලා සදුට ආදරේ කරන්නෙත් ඉරුට නපුරුකම් කරන්නෙත් ඇයි?

මෙන්න තව ටිකකින් ආයෙත් මැසේජ් එකක්.. ඒත් සදු ගැනමයි....සදුට ආදරේ හිතිලද කොහේද...

මම ඉරු...මම සදුට වඩා ඉරුට ගොඩක් ආදරේ...එයාට මම ඒක කිව්වා...මම ආදරේ කරන්නේ ඉරුට කියලා...මට ඒකට හේතු කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ....සල්ලි ඉවරටම ඉවර වෙලානේ අප්පා ෆෝන් එකේ....

ඊට පස්සේ එයා එක දිගට මැසේජ් එව්වා..මම අසරණ වෙලා බලන් ඉදියා...සදු ගැන ගොඩක් අගේ කරලා...මේක ඔයා කියවනවා..මම දන්නවා ඒ බව......මේ ඉරු...ඇත්තම ඉරුට ආදරේ කරන්නේ මොකද කියලා කියන්නම්...

ඔව්..ඔයා කියනවා සදු ලස්සනයි..ගොඩාක් ලස්සනයි..සදුට ලන් වෙන්න පුලුවන්..ඔව්..ගොඩාක් ලන්වෙන්න පුලුවන්..සදේ එලිය ගොඩාක් අඩුයි...ඔව්..සදු ලස්සනයි...සදුගේ එලිය අයිති කාටද කියලා ටිකක් හිතුවද...අනුන්ගේ එලියෙන් බැබලි බැබලි ඉන්න සදු ඔච්චරම වටිනවද? ඉරුට ලන් වෙන්න බැරුව ඇති..ඒත් ඉරු නිසා ඔයා..මම..අපි හැමෝමලා හුසම ගන්නවා..ජීවත් වෙනවා...ලස්සන කියන දේ අපි හැමෝම කොච්චර ලේසියෙන් රවට්ටනවද? ලස්සනට රැවටෙන්නේ නැතුව වටිනාකමෙන් කෙනෙක්ව මනින්න...

ඒක තමා මේ ඉරුට..මේ රත්ගමයට කියන්න ඕන....හිතන්න...තාමත් ආදරේ සදුටද?

(මේක ඉරුයි...සදුයි ගැන ලිව්ව උනාට හැබෑ ජීවිතේටත් අදාල වෙනවා කියලා අමතක කරන්න එපා....)

12 ප්‍රතිචාර:

  • Ruvanmali says:
    December 29, 2010 at 9:33 PM

    තර්ක කරලා කෙලවරකට එන්න බැරි කතාවක් තමයි ඔය.. සඳුයි ඉරුයි ගැන විද්‍යාත්මකව බැලුවොත් රත්ගමයා හරි. ඒත් කලාත්මකව බැලුවොත් සඳුට වැටෙන ලකුණු ගණන වැඩි නේද..? අපි හඳ ගැන වැඩිපුර කතා කරන්නෙ ඒ නිසාම නෙවේ ද..?
    ඒත් රත්ගම යාළුවා ලියලා තියන දේත් අලුත්.. ලියලා තියන විදිහත් අළුත්.. සඳට ලං වෙන්න පුළුවන්.. ඒත් ඉරුට බෑ
    සඳට තනියම එළිය විහිදුවන්න බෑ.. ඒත් ඉරුට පුලුවන්..
    අනර්ඝයි.. !

  • මහිම මදුරංග says:
    December 29, 2010 at 9:34 PM

    අනේ බුදු අයියෙ තෙරුනේ නැ නේ

  • චතුවා says:
    December 29, 2010 at 9:38 PM

    කියන්න තියෙන්නේ මම නම් ආදරේ සඳුට තමා කියලා.. මොන තර්ක ඉදිරිපත් කළත්..

  • Anonymous says:
    December 29, 2010 at 9:41 PM

    ලස්සනට රැවටෙන්නේ නැතුව වටිනාකමෙන් කෙනෙක්ව මනින්න...

    රියල් ඇත්ත අයියා...ලස්සනට ආදරේ කරලා ලං වෙලා හම්බවෙන දුක සමහරවිට අර මොනවත් නැති සාමන්‍ය කෙනා ගෙන් හම්බ වේන් නැතිවේයි.. ලස්සනට වඩා වැදගත් එයා අපිට දෙන අවංක දේයි...එක වටින්න කෙහෙල්මල් ලස්සනෙන් බැ ... අනුන්ගේ එලියෙන් බැබලෙනවාට වඩා එක දහස් ගුණයක් වටිනවා....හ්ම්.


    ඔන්න මම නම් කියන්නෙම මෙක..හ්ම්..හ්ම්... ලස්සන කන්නද...

  • චේ උන්නැහේ... says:
    December 29, 2010 at 9:43 PM

    මගෙත් මනාපය සදුට....... ඉරුට ලංව්වෙලා පිච්චි පිච්චි දුක් විදිනවට වඩා සදුගෙ සිහිල විද විද ඉන්න එක සැපයි... ඒක කවුරුත් අනුමත් කරයි..හැබැයි රත්ගම උන්නැහේගෙ අදහසනම් මරු.. අමුතුයි... කලාත්මකයි..

  • හිස් අහස says:
    December 29, 2010 at 10:24 PM

    මලේ මගේ ජන්දය සඳූට . මොකද මමත් සඳරු නිසා... අනික තමයි අපිට කවදාකවත් පුලුවන්ද ඉරුට ලංවෙන්න ..(ඉරට) බෑ .. මොකද ඩිංග ලංවෙනකොට ඉරු ලංවෙන එකා ව පුච්චලා දානවා ..ආයේ නොඑන්නම

    කලුවරේ සීතලේ උන්නත් සඳුට මගේ ජන්දය ...

    ජයවේවා !!

  • Anonymous says:
    December 29, 2010 at 10:25 PM

    සඳට සැහැසි කම කළ අය
    සඳ එළියෙන් සැනසුනාට
    සඳ සාවිට දුක හිතෙන්නෙ නෑලු ඉරු..
    මොනා උනත් මම සඳුට ආදරෙයි.ඉරුට(ඔයා ඉරුට නෙමෙයි හොදද)ආදරේ නැතිව නෙමෙයි.සඳු කියන්නෙ මගේ නම් ජීවිතයම වගේ..

  • Anonymous says:
    December 29, 2010 at 11:34 PM

    +1

  • Unknown says:
    December 29, 2010 at 11:55 PM

    සද මිදුලට එනවනෙ බන් එකයි හැමෝම සදට ආදරේ...

  • dinesh says:
    December 30, 2010 at 6:48 AM

    ලස්සනට,ආතල් එකට එදා ඉඳලම ලඟ හිටියෙ "හඳ".මේ කෙහෙම්මල් ඉර නෙමේ.ඕන් මාත් හඳේ..

  • Kavindya says:
    December 30, 2010 at 9:26 AM

    සැලෙන්න එපා මල්ලී ඔය සදු පාට් ආගෙන ඉන්නේ ඉරු ඉන්න නිසා ඉරු නැත්තම් සදු නැහැ.....

    ඒත් ඉතින් සුදු හංසි අක්කත් පණ නහගෙන සදු කෙනෙක්ට ආදරේ කරනවනේ....

  • නදී says:
    December 30, 2010 at 10:12 AM

    මම් පොඩි කාලෙ නම් ආදරේ කරේ හදමාමට කීරිපෑනි දෙන නිසාම.පස්සෙ පස්සෙ තෙරුම් ගියා ඉර නෑතුව හදටත් පෑවෑත්මක් නෑ කියල, ඒක නිසාම ඉරටත් ආදරෙ කරන්න පටන්ගත්ත.

Post a Comment