සෙනෙහස.........

Friday, December 31, 2010



නියුරෝන සෛලයක උපාගම අභිබවා........
සෙනෙහෙ ආකලනයෙන් සංතෘප්ත ගුණ කවා.........
ජීවිතය ත්වරණයට ඝර්ෂණය පරදවා.........
ලැබුන බාහිර බලය ඔබයි ගුණදම් පොවා.......

ජීවන ලෙජරය තුලනය කරනට,
ඔබගේ රුධිරය වැය කරවා.......
ක්ෂී රය පොවලා මා වඩවාලා,
ලෝකය දිනනට මං තැනුවා.........

 ඒ ලද සවියෙන් මතු යම් දිනයක,
දිනනා කල ලෝ තලය  මෙමා...........
 ගුණ කඳ සිහිකර පුදනෙමි නිරතුරු,
අමතක නොකරමි මගෙ අම්මා.........

3 ප්‍රතිචාර:

  • Anonymous says:
    January 1, 2011 at 9:05 PM

    ඒ ලද සවියෙන් මතු යම් දිනයක,
    දිනනා කල ලෝ තලය මෙමා...........
    ගුණ කඳ සිහිකර පුදනෙමි නිරතුරු,
    අමතක නොකරමි මගෙ අම්මා.........

    මේක නම් සරලයි අයියා..... මම ආස මේ පද ටිකට...

  • චතුවා says:
    January 1, 2011 at 9:12 PM

    අම්මව කොහොම අමතක කරන්නද අයියේ.. අම්මා නැත්නම්.. අම්මාගේ ආදරය, සෙනෙහස, මඟපෙන්වීම, ලැබුණේ නැත්නම් අද අපි කොහේ ඉදීවිද?

    ගුණ කඳ සිහිකර පුදනෙමි නිරතුරු,
    අමතක නොකරමි මගෙ අම්මා.........

  • චේ උන්නැහේ... says:
    January 1, 2011 at 10:52 PM

    @ නිම්ශා.. මම මුලින්ම ලිව්වෙ ඒ පද ටික තමයි... විදු වදන් යොදන්න තියන ආසවටයි මුල් පද ලිව්වෙ...

    @ ළමයා...... ඔව් සහෝදරයා...... අම්මගෙ ආදරය මනින්න බැ.... ඒ වගේම තාත්තගෙ ආදරයත්... අපිව ලොකු මහත් කරන්න ගත්ත මහන්සිය මිල කරන්න බැ...

    මගේ අම්මේ... තාත්තේ මම ඔයාලට ගොඩාක් ආදරෙයි...

Post a Comment