අද තමා රත්ගමයා අක්ෂරයට ලියන මුල්ම දවස..මොනවද මුලින්ම ලියන්න ඕන....කිසිම දෙයක් හිතා ගන්න බෑ....ලමයා මාව මේකට එකතු කරගන්න ඇත්තේ රත්ගමයා මොකක් හරි කට කැඩිච්ච කතා ටිකක් ලියයි කියලා බලාපොරොත්තුවෙන් වෙන්න ඇති...ඒත් අද ඒ බලා පොරොත්තුව කැඩෙනව...මට සමාවෙන්න...
අද දෙසැම්බර් 26..මීට අවුරුදු 6කට කලින් අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා කාටවත් අමතක නැතුව ඇති..සුනාමි කියන දේ කනට පලවෙනිපාරට අහන්න ඇත්තේ එදා වෙන්න ඕන..
මුහුදට අපි ගොඩක් ආදරේ කරා..හැමදාම මුහුදු වෙරලේ සෙල්ලම් කරන එක මගේ ජීවිතේ කොටසක් වෙච්ච කාලයක් තිබුනා.
එදා නත්තල් දවසට පස්සේ දවස..අපි හැමෝම සතුටින් ඉදියේ..ඒත් උදේම වෙනදා නැති විදිහේ අමුතු සද්දයක් මුහුද පැත්තෙන් ඇහුනේ මොකක් හරි වෙන්න යනවා වගේ..රත්ගමයත් එලියට බැස්සේ මේ සද්දේ මොකක්ද බලන්න...
විශ්වාස කරන්නත් බැරි දෙයක්...ලොකු රැලක් මුහුද පැත්තෙන් එනවා..මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි උනා...දුවන්නද...නැවතිලා බලන් ඉන්නද...
හිත හිතා ඉන්න වෙලාවෙදි ඉන වෙනකල් වතුර පිරිල්;ටික වෙලාවකින් පාවෙලා යනවා දැනුනා....ඒත් කකුල් පොලවේ ගහගෙන අමාරුවෙන් හරි ඉන්න පුලුවන්...ඔය වෙලාවෙදි තමා ගහක් හරි මොකක් හරි එකක් අතට අහු උනේ...වතුර පාර බැහැලා යනකල්ම ඒකේ එල්ලිලා ඉන්න පුලුවන් උනා...යන්තම් වතුර අඩු වෙනකල් ඉදලා දුවලා ගියේ ගෙදර අනිත් අයට මොනවා උනාද කියලා බලන්න..දෙවි පිහිටෙන් කාටවත් කරදරයක් වෙලා නෑ...ආයේ ටිකකින් තව රැල්ලක් ආවා...ඒක නම් එනවා ඈත තියාම දැක්ක නිසා දුවන්න පුලුවන් උනා...කොහොම කොහොම හරි දිව්වා,....හති හල හල දිව්වා...අපි දුවනවා හිනා වෙවී බලන් ඉදපු කට්ටියකුත් ඒ අතරේ ඉදියා...එයාල අපිව විහිලුවකට අරන්..මුහුද ගොඩ ගලන්නේ නෑ ලු...එහෙම කී දෙනෙක් මග ඉදලා කිව්වද..
ටිකක් දවල් වෙලා මමයි තාත්තයි ආයේ ආවේ ගෙදර බලන්න....ගේ වටේම තාප්ප බිම වැටිලා..ජනෙල් බිදිලා..දොරවල් නෑ...බිම අඩිය තියන්න බෑ මඩ තට්ටුව අඩි 3ක් විතර ඇති..
ගේ දිහා බලාගෙන අඩනවා ඇරෙන්න එදා වෙන වැඩක් කරේ නෑ..ඒත් ඊට පස්සේ දවසේ ආයේ ආවා..මුල ඉදලා වැඩ පටන් ගත්තා...කුනු ගද ඉවසගෙන මඩ තට්ටුව අයින් කරා..ගේ ඇතුලේ අපේ කියලා කිසිම බඩුවක් නෑ..අදින්න ඇදුමක් වත් නෑ...නෑදෑයොන්ට පින් සිද්ද වෙන්න අදින්න ඇදුම් ලැබුනා..අපි දුක් උනේ නෑ...අපේ ජීවිත වලට දෙවි පිහිටෙන් කිසිම කරදරයක් උනේ නැති නිසා.ගෙදර යම් තත්වෙකට සුද්ද කරත් ගෙදරට කරන්ට් නෑ...
මාසයක් විතර යනකොට අපිට ගේ පදින්චියට එන්න පුලුවන් වෙන්න හදා ගන්න පුලුවන් උනා..
දැන් නම් අඩුවක් නැතුව අපි අපේ ජීවිත හදා ගෙන...ඒත් ඒ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ..
ගොඩක් ජීවිත නැති උනා...සමහර විට සුනාමියට අහු උන ජීවත් වෙලා ඉන්න ගොඩක් අය ගේ කතාවත් මේ වගේම වෙන්න ඇති.
හැබයි තාමත් අපි මුහුදට ආදරෙයි....ඉස්සර වගේ හැමදාම මුහුදට යන්න වෙලාව නැති උනත් පුලුවන් වෙලාවට ගිහින් ඉර බහිනවා බලන්න ආසයි...
"සුනාමි උවදුරින් අප අතරින් ව්යෝ ඌ සියලු දෙනාගේ සසර ගමන කෙටි වේවා"යි අක්ෂරයේ පැතුමයි
සුනාමි උවදුරින් අප අතරින් වියෝ වූ මෙන්ඩිස් සොහොයුරා හට නිවන් සුව පැතීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා...
දෙසැ 26 මටත් කවදාවත් අමතක වෙන එකක් නැහැ.. අපිත් එක්ක උනවටුනෙ යන්න කෝච්චියෙ ගිය මගෙ පොඩි මාමා (මගෙ හොදම යාලුවා)සුනාමියෙන් අතුරුදහන් උනා. ඒත් තවමත් අපි එයා එනකම් බලන් ඉන්නවා.. අද දවස ගොඩාක් දුක්බර දිනයක්......
ගොඩාක් දුකයි.මට මතකයි එදා මම් ක්ලාස් ඈරිල ගෙදර එද්දි,පොල ලග මිනිස්සු වටවෙලා රේඩියෝ එක අහනවා.සිරසින් තමයි මුහුද ගොඩ ගලනවා කියල විස්තරේ කිව්වෙ.මම් ගෙදරට එනකම්ම් හිතාගන ආවෙ මේකනම් විහිලුවක්ම තමයි කියලා.ගෙට ගොඩ වෙද්දිම අම්මා කදුලු පිහපිහ ටීවී බලනවා, අනේ පොඩි පුතේ! මේ බලන්ඩකො මේ...
ඈස් අදහ ගන්න බෑරි උනා,කවදාවත් අහල තියන එකක් නෙමේනෙ.
අපේ නෑදෑයො,යාලුමිත්‍රයෝ කාටවත් කරදරයක් වෙලා තිබ්බෙ නෑ.
ඒත් ඒදවස් වල උදේම නෑගිටලා ටීවී එක බලාගන හුල්ල හුල්ලා හිටියා මිසක් වෙන වෑඩක් කරන්න හිත දුන්නෙ නෑ.අපිත් පුලුපුලුවන් විදියට උදව්කරා.
ඒ සිද්දියට අදට අවුරුදු 6ක් ගෙවිල ගිහිල්ල.
සුනාමි උවදුරින් අප අතරින් වියෝ වූ හෑම දෙනාටම නිවන්සුව!!
ආය කවමදාවත් මෙවන් විපත්ති නොවේවා!!
කට කැඩිච්ච කතා නෙවෙයි රත්ගමයෝ. උඹේ ලිවිල්ලට මම හරි කැමතී. ඒක මුලින්ම කියන්න ඕනේ.
ඇත්තටම මම ඕක අහපු දවසේ ඒ හැටි හිතන්න දෙයක් තිබ්බේ නෑ. පස්සේ අපේ අම්මා පවා අඩන්න ගත්තා මිනිස්සු මැරිලා,අසරණවෙලා ඉන්න හැටි දැක්කා. මේක කියෙව්වාම මට එදාටත් වඩා තදින් දැනුනා බං.
සුනාමි උවදුර නිසා වියෝ වුනු හැමෝටම නිවන්සුව!
මාත් එදා කට ඇරන් බලා හිටියා මොකද්ද මේ කියලා.වගක් වත් නැතුව TV එක බැලුවා දවසම.පහුවෙනිදා මගේ හොදම යාළුවගේ ගෙදරට කතා කරද්දි අමුතු කටහඩකින් කිව්වා එහෙම කෙනෙක් නෑ කියලා.මම හොදටම බැන්නා කතා කරපු කෙනාට.ඊට පස්සෙයි මට කිව්වේ "එයා සුනාමියට ගියා" කියලා.තාමත් මට ඒදා හීනයක් වගේ...
ඒ දුක්බර මතකය.මට තාම ඇහෙනවා.මොකද තැරලියේ දි මම සජිවිව දැක්කා.පෙර වාසනවකට පාවෙලා ගිහිල්ල නොමැරි බේරුනා.ඒත් අපි එක්ක ගිය 15 දෙනගෙන් ජිවත් වෙන්න වාසනාව තිබුනේ 10 දෙනෙක්ට විතරයි.පුජානි,අකිල,ශශි,ඉදුනිල්, හෂානි ඔයාලට නිවන්සුව ප්‍රාර්තනා කරනවා.............
මටත් දුකයි... හැමොටම නිවන් සුව ප්‍රර්තනා කරනවා...
මමත් බැලුවා රත්ගමයට මොකද වුනේ කියලා ඔය ඇවිත් ඉන්නේ.සුනාමිය නම් මතක් කරන්නවත් කැමති නැහැ.
සුනාමියට පහුවදා අපි ගියා ස්වාධීන රූපවාහිනියත් එක්ක උදව්වෙන්න.හැමෝගෙම මුහුණු වල කදුළු.....................
සුනාමි උවදුරින් අප අතරින් වියෝ වූ හෑම දෙනාටම නිවන්සුව අත්වේවා!!!!!!!!!!!!!!!!!
හ්ම්ම්ම්ම් ඒක මතක තියාගන්නත් අමාරු අමතක කරන්නත් අමාරු මතකයක් මලිලියේ...
අමිහිරි ..ඒත් විවිධ මාධ්‍ය මාස ගාණක් විකුණගෙන කෑව මතකයක්. කියන්න තියෙන්නේ.. එහෙම දෙයක් අයේ නොවේවා කියලා විතරයි..
ඒ වගේම ..රත්ගමයා වගේ, අඩියටම වැටිලා කොහොමහරි ආයෙත් මුදුනටම නැග්ග උදවිය ගැන ඇහුවාම ඇතිවෙන්නේ හිතට ලොකු සතුටක්.. වගේම එහෙම මිනිස්සු ගැන ලොකු ආඩම්බරයක්..
මොනවා කරන්නද ? මිනිස් ජීවිතවල තියන අවිනිශ්චිත බව හොඳටම ඒදා පැහැදිලි කෙරුනා..
නියගය ගං වතුර ලංකාවේ මිනිස්සුන්ට අරුමයක් නොනුනත් ..මේ මහා විනාසය ලංකාව මොහොතකට සලිත කරපු හැටි අමතක නෑ නේද ?
ඒත් මහ මුහුදත් අපට පැරැදුණා !
අද අපි කොයිතරම් හොඳට නැගිටලා ඉන්නවද ? අපේ අයගේ අසරන ජීවිත ගොඩක් නැති උනා තමයි ඒත් අපේ හයිය නැති උනේ නෑ ..
එදා අහිමි උනු හැමොටම නිවන් සුව ප්‍රර්තනා කරනවා...