සිතුවිලි අකල් මරණයකට ගොදුරු විය. සිතන්නට ඉඩ හසරක් නොවූ මනස යාන්ත්‍රික විය. මා හඹාගිය ජීවිතය මා පසුපස හඹා එන්නට විය. පරක් තෙරක් නොමැති දිවි සයුර මැද කුඹ ගසද හබල් ද අහිමි ජීව නෞකාව තනිවිය. දටු කිසිවක් එහි නොවුනි. අවසානයේ සියල්ල සිහිනයක් විය. මවාගත් ලොවක් විය.
පිවිසුනෙමි වර්තමානයට
විවර කලෙමි වසාගෙන සිටි දෑස
අවසන් කලෙමි දුටු සිහිනය
පැවසුවා වුවද නොදුටු බව සිහිනයක්, සිතා සිටියා වුවද නොරැවටුන බව තමන්, සිදුව තිබුනේ එයම නොවේද...
බලව දෑස් හැර, අවට ඇතිදැයි කිසිත්
ඇත ඒ සිහිනයෙන් දුටු දේ නොව, අන් යමකි
පලක් ඇත්දැයි නොවැටහෙන යමකි
සුන්දරත්වය, සතුට, කොහිද ජීවිතයට ඇත්තේ? නොතේරෙන නුමුදු දුක් ගැහැටින් පිරි ඉතිරුනු ජීවිතයකි ඇත්තේ...
සිනහව බලෙන් ඔබ්බවන ලද්දකි, ප්‍රිය වචනය තියුණු තුඩකින් කැටයම් කරන ලද්දකි, පාට තීන්තෙන් සායම් කරන ලද දැඩි සේ කෘතීමකරණය වූ යමකි ජීවිතය...
සපල බලාපොරොත්තු, ස්වාභාවිකත්වය, නිර්මාණශීලීත්වය යි අහිමි ජීවිතයට සදාකල්හිම...
එසේනම් කුමටද මේ කෘතීම ජීවිතය???
ප.ලි.: හිතල හිතල මුකුත්ම හිතුන නැති තැන පරණ සිතුවිල්ලක් අයෙම දැම්මේ. කවුරු හරි මේක කලිං දැකල තියෙනවනම් හිතයි, පොඩි මහත්තය පෝස්ට් උස්සනව කියල. අපෝ මම එහෙම කරන්නෑ. මේක මගේම සිතුවිල්ලක්. මෙතන දාන්නෙත් මමමයි.
අද මෙතෙක් යාන්ත්‍රික වූ ජීවිතය
හෙට කෙතෙක් යාන්ත්‍රික වනු ඇද්ද..?
සිතුම් පැතුම් හැඟීම් දැනීම්
තවත් අපට සමීපව.. අප හා ඉනු ඇද්ද..?
ඒත් ඒ දැන දැනත්..
ඒ ජීවිතය කරාම
සියල්ලන් හඹා යන්නේ මන්ද..?
ලිපිය ලස්සනයි.. මට තේරුම් ගන්න දෙසරයක් කියවන්න වුනා..( මගේ මොළේ තරම මම දනිමි..:))
කියලා තියෙන ජීවිතේ තරම්ම බරපතල අදහසක්..
කෘතිම හා යාන්ත්‍රික දිවියට.........
සොදුරුතම මිනිස් හැගුම්,
නැවත කාවැද්දූ කල......
මල් දරයි නැවත මිහි මව....
වත්මන් ලොවේ දුක්බර,
අමතක කර නිමේශයකට....
සිතන්න එහි යහඵල...
සිත පහන් වෙයි සත්තකින්ම......
සාධාරණ අදහසක් මහත්තයෝ. ඒ උනත්හැබැයි මගේ පිලිගැනීමනම් යම් තරමකට කෘතිමකරණය උනත් අපේ මනුස්ස හැගීම් ඒ විදිහටම තියනවා කියන එකයි. නැතිඋන දෙය ගැන තැවෙනවට වඩා තියන දේ ගැන සතුටු වෙන එක වටිනවා. අපේ ඉතිරිවෙලා තියන මනුස්ස කම ගැන සතුටු උනොත් මේ ලොකය තව දුරටත් සුන්දර එකක වේවි............