අරුන්දතී 6 වන පියවර

Monday, February 7, 2011

විවේක කාලය එළබෙත්ම පාසැල පුරා සිසු සිසුවියන් කඩිගුලක් මෙන් විසිරිණු නමුත්, වන්දනා ඇයගේ අළුත් යෙහෙලිය සමග පන්ති කාමයේ තනි වුවාය. "සීනියර් කට්ටිය හරි ගනන් වගේ නේද" ඉසුරි වටපිට බලමින් මිමිණුවාය.
"එයාලට ඉස්කෝලේ පුරුදුයිනේ අපිටත් තව ටික දවසක් යද්දි සේරම හරි යයි" වන්දනාද මද සිනා ඇතිව මිමිනුවාය
" අනේ මන්දා....මට වොෂ් රූම් යන්නත් ඔනි ඒත් එළියෙට යන්න මොකක්ද වගේ" ඉසුරි ඒ මේ අත ඇඹරෙමින් කීවාය වන්දනාට ඇය ගැන දුක සිතුණි.
"කමක් නැහැ අපි යමු ඉස්කෝලේ ඇරෙනකල් ඉන්න අමාරුයිනේ" වන්දනා ඉසුරි වෙනුවෙන් නැගී සිටියා
"අනේ වන්දනා.... ඔයා දන්නවද තියෙන තැන"
"මම දන්නේත් නැහැ ළමයෝ අපි කාගෙන් හරි අහමු" වන්දනා ඉසුරිගේ දෑතේ පැටලෙමින් පන්ති කාමරයෙන් පිටතට පැමිණියාය. දෙදෙනාටම දැණුනේ නුහුරු ආගන්තුක තැතිගැන්මකි

" අනේ කාගෙන්ද අහන්නේ වන්දනා...."
නන්නාදුනන ළමුන් අතරේ ඉසුරි අසරණව වට පිට බැලුවාය. වන්දනාද ඇය අනූව පිට්ටනිය වටට නෙත් දුවවද්දී හදිසියේම ඇය නෙත ගැටුනේ ඇත සිටන් තමන් දෙසට සිව එන ඉසංකවයි.. ඉබේටම ඇගේ මුහුණේ ආදරණීය සිනහ මලක් පිපුණි.


"සුදු නංගා කොහෙද මේ ඇවිදින්නේ..." ඔවුන් වෙත සිනහවෙන්ම පැමිණි ඉසංක වන්දනාගෙන් විමසුවේය.
"අ‍..නේ..අයියේ.. මේ මේ...." තමන් සොයන තැන කියාගන්නට වන්දනා වචන සෙවිවාය.
"ඇයි බබා ප්‍රශ්ණයක්ද.....??" ඉසංක සැනෙකින් කලබලවිය.. 

"නැ..හැ....අයියේ... මේ... අපිට ග්ර්ල්ස් වොෂ් රූම් එක තියෙන තැන පෙන්නන්කෝ..." වන්දනා දෙකම්මුල් රතුකරගෙන විමසුවාය... ඉසංකට එකවරම සිනහවක් නැගිනි ඉසුරි වහා බිම බලා ගත්තාය.
"ඔක අහන්නද පිස්සියේ මේ තරම් ඇඹරුනේ..ඔහොම ඉන්න මම නංගි කෙනෙක්ට කියන්නම් ඔයාලව එතනට එක්කන් යන්න කියලා..."
ඉසංක ආදරණිය ලෙස හිනැ‍හෙමින් පහළ පන්තියක සිසුවියකට වනාදනා හා ඉසුරි ඇයිට හදන්වා දුන්නේය.
"යමු අක්කී... මේ හොල් එක කෙලවරට යන්න ඔනි මං පෙන්නන්ම් තැන ඒතන තමා ඉතින් අපේ වල... දවසට දහපාරක්වත් යයි බොරුවටත් එක්ක." යි කියමින් කටකාර යුවතිය ඔවුන්ව කැදවාගෙන ගියාය..


"ගොඩක් ස්තූතියි නංගා... “ වන්දනා ඇයට ස්තූති කලාය.
“ස්තූතියි කියන්න තරම් මේකත් උදව්වක්ද අක්කියෝ එහෙනම් ඔයාල එන්න මම දුවනවා සෙල්ලම් කරන්න.” දගකාර කෙල්ලඈතට දුවන ගමන් කීවාය...


“හම්මේ.... නිවන් දැක්කා වගේ....” ඉසුරි සැහැල්ලුවෙන් කියද්දී වන්දනා සිනාසුනාය.


“ඒක නෙවෙයි කවුද ඒ අයියා...?” ඉසුරි දගකාර ලෙස හිනාහෙමින් ඇසුවාය..


“ආ.. ඒ අපේ අයියා කෙනෙක් මගේ නැන්දගේ පුතා.. මම එයාලගේ ගෙදර නැවතිලා ඉන්නේ...”
“අ..හා.... ඒ කියන්නේ මස්සිනා..” ඉසුරි දගකාර ලෙස කිවාය...
“මස්සිනෙක්ට වඩා මගේම අයියා කෙනෙක් වගේ...එහෙම හිතනින එපා...” වන්දනා අසරණ හඩින් කිවාය.. කුඩාකල සිටම ඉසංකත් අසංකත් මස්සිනාලා ලෙස නෙව සහොදරයන් ලෙසම ඇයගේ හදවතට ලංවී උන්නෝය..


“එහෙම හිතන්න එපා කියලා කීවේ ඔයා හිතුවේ මම කොහොම හිත්‍රවා කියලද ? ? ? “ දගකාර ලෙස සිනාසෙමින් ඉසුරි වන්දනාගේ මුහුණට එබුනාය.. වන්දනා ඇයට නියවා.. ඉක්මනින් ඉවත බලා ගත්තාය...


“ආ.. නංගිලා... ආපු ගමන්ම ගැන්සි හදාගෙන වගේ.....බලාපල්ලකෝ දෙන්නගේ මුකුලුව......”


යුවතියන් සිතන්නත් පෙර සිසුන් පිරිසක් ඔවුන්ව වට කොටගෙන සිටියෝය...කෙල්ලන් දෙදෙනා බියපත් මුවැත්තියන් මෙන් දෙදෙනාගේ දෑත් පටලවා ගත්තෝය...


4 ප්‍රතිචාර:

  • චතුවා (ළමයා) says:
    February 7, 2011 at 6:50 PM

    ෆයිනලි.. ඇති යාන්තම් ලීවා.. ඉක්මනට ලියන්න හලේ ඉතිරියත්.............. :(

  • නිම්ශා says:
    February 7, 2011 at 8:30 PM

    ඔව්... දිගටම ලියන්න අක්කා...

  • මාරයාගේ හෝරාව says:
    February 7, 2011 at 9:01 PM

    හාවා හද දකින්නැහේ...

  • මධුරංග says:
    February 7, 2011 at 9:20 PM

    හොරාට කලින් කෙහෙල් කැන පන්නන්න නේ හදන්නේ. පුදුම යාලුවෝ තමයි. ලස්සනයි මේ කතාව. හරියට නවකතාවක එක පරිච්චේදයක් වගේ. දිගටම ලියන්න සුදු හංසි අක්කා !!!!

Post a Comment