
ඔන්න අක්ශරේට මගෙ පලවෙනි කතාව දාන්න හිතුවා..හිතුවා හිතුවා ලියන්න දෙයක් ආවෙම නෑ, ඉතින් මං හිතුවා මං පොඩි කාලේ මට යාලුවටත්,සහෝදරයටත්,හිනා වෙන්නත්,අඩන්නත්, ගහගන්නත් උන්න අපේ චමි අයියා එක්ක කරපු හොද හොද වැඩ ටිකක් ගැන කට්ටියට කියන්න..අපේ අක්කා උන්න තමයි ඒත් ඉතින් එයාලා අපේ වයසට ගැලපුනේ නෑ නෙව.. චමි අයියා කියන්නේ අපේ අම්මගෙ අයියගේ පුතා .. මට වඩා අවුරුදු දෙක තුනක් ලොකු ඇති, මට පොඩි කාලේ සෙල්ලම් කරන්න උන්න එකම යාලුවා තමයි .. අනිත් කස්ටියම මට වඩා හෙන ලොකුයි...
අපිට එක එක කාලෙට එක එක පිස්සු තිබ්බා.. සරුංගල් පිස්සුව, බට තුවක්කු පිස්සුව, කැට පෝල පිස්සුව... මාත් ඉතින් කෙල්ල උනාට පොඩි කාලෙ කොල්ල වගේ තමයි, මං හිතන්නේ කොල්ලෙක් එක්කමනේ එක්කහු වෙලා උන්නේ..
අපිට කරන්න සෙල්ලමක් නැති උන තැන ගහගන්න එකත් සෙල්ලමක් උනා.. වැඩ්ඩා වගේ ගහගන්න ගියාට මොකද අත පය තලාගෙන හොදට ගුටි කෑවෙත් මංම තමයි.. බට තුවක්කු හදා ගත්තම කොහිකිරිල්ල ගෙඩි හොය හොය ගම වටේ දුවනව අපේ චමි අයියාත් එක්ක, පස්සෙ දෙන්න ගස් වටේ දුව දුව බට තුවක්කු වලින් විදගන්නවා වෙඩි තියනවය කියල.. ඒත් වැඩියෙන්ම වෙඩි කන්නේ මම පලු දාන්නම...
අපේ ගෙට පිටිපස්සේ ඒ කාලෙ තිබ්බා මහ වත්තක් අක්කර 10 කද කොහෙද, ඔය වත්ත බලා ගන්න උන්න නැන්දට ලමයි නෑ ඉතින් අපි දෙන්නට පන ඇරගෙන .. ඉස්කෝලෙ ඇරිලා ආව ගමන් දුවන්නෙ එහෙ තමයි දෙන්නා..එහෙ අපි දෙන්නට උන්න සෑහෙන්න හුරතල් සත්තු : ලේන්නු පැටව් 3ක්, ඇහැක් පොට්ට උන කුන්දික්කාලියෙක් ( ඇහැ පොට්ට කරෙත් අපි දෙන්නම තමා ), පූස් පැටියෙකුයි තව බල්ලෙකුයි..ඔය බල්ලයි පූසයි ඇරෙන්න අනිත් සේරමත් මායි චමි අයියයි අල්ලපු එවුන්.. ලේන් පැටව් නම් මහ වත්තේ පොල් ගස් වලින් වැටුන එවුන්.. අර කුරුල්ලා ඇල්ලුවෙ නම් අපි දෙන්නා..
ඔන්න එක දවසක් මායි අපෙ චමි අයියයි වත්ත පහල සෙල්ලම් කරනවා (කැට පොලු පිස්සුව කාලේ ) මේ කුරුල්ලා උන්නා පොල් ගහක අත්තක් උඩ කෑ ගගහා... ඔන්න චමි අයියා සද්ද නොකර කලිසම් කොටේ පිටිපස්ස සාක්කුවේ තිබ්බ කැට පොල්ල ඇදලා ගත්තේ හිමීටම සද්ද නොකර ඉන්නවා කියන ගමන්මයි.. මාත් මීයා වගේ සද්ද නෑ.. ඒ කාලෙ එයා කරපු මොන පව්කාර වැඩේටත් මං උඩින්ම සපෝර්ට් එක දුන්නා..ඊලගට ගල් කැටේ ගානට තියලා ඇහැක් වහලා ඉලක්කේ ගන්නවා.. පටස් ගාල තියෙයි පොට්ට ඉලක්කේ ගිහින් වැදුනේ පොල් ගහේ රැදිලා තිබ්බ දිරච්ච අතු කෑල්ලකට... ඒත් මේකගෙ වෙලාව කියන්නෙ අත්ත ගිහින් වැදුනේ කුරුල්ලට.. ජබෝස් ගාල කුරුල්ලා බිම...දුවලා ගිහින් කුරුල්ලව අතට අරන් ගම වටේ දිව්වා කුරුල්ලෙක් ඇල්ලුවා කියන්න.. පස්සෙ තමා වත්තෙ නැන්දව මතක් උනේ, ඊලගට දිව්වේ එහෙ..දෙන්න හොද බැනුමක් අහගත්තා පව්කාර වැඩ කරනවය කියලා..නැන්දා කොහොම හරි කුරුල්ලා බේර ගත්තා, හැබැයි ඇහැ නම් පොට්ටයි.. ඌට අපි නම දැම්මා චූටි කියලා..
ඊලගට අපේ කැමතිම සෙල්ලම උනේ හමුදාවයි කොටියි.. හමුදාව නම් අපි දෙන්නා කොටි තමයි කම්බි වැට දිගේ දුවන දිමියෝ.. ගිනි පැලැල්ලක් අරන් එක දිගට උන්ව පුච්චන් යනවා .. ඒ තමා වෙඩි තියනවා.. සමහරුන්ව බාගෙට පුච්චලා කාර් පොඩි වල දාන් දුවනවා ඇම්බුලන්ස් එකේ ඉස්පිරිතාලේ ගෙනියනවා කියලා.. නිදි කුම්බා තලලා බෙහෙත් කරනවා.. සමහර දිමියො නම් තරහටද කොහෙද පස්ස උඩ දාන් අත් කකුල් හපනවා, එවෙලෙට ඉතින් මරණීය දන්ඩනය තමයි උන්ට..අපෝ උන්ගේ පස්ස පොඩි උනාම ගදේ බෑ..
තව අපේ පූස් පැටියට උන හදිය ගැන, චමි අයියා වත්තෙ මාම එක්ක බුලත් කාපු හැටි ගොඩක් දේවල් තියෙනව කියන්න නම් එව්වා මේකෙ ලිව්වොත් පෝස්ට් එක දිග වැඩි වෙනවා.. කස්ටියට මේක හිතට ඇල්ලුවොත් ඒවත් ලියන්නම් ඉස්සරහට..
කස්ටියගෙ ප්‍රතිචාර හැටියට තමා ඉතින්.. මේක ලිව්වම මඩ වදින්නත් ඉඩ තියෙනවා කියලා මට හිතුනත් ඕන එකක් වෙද්දෙන් කියලා ඔහෙ ලියලා දැම්මා... :D
එක මොකක්ද කොහිකිරිල්ල ගෙඩි කියන්නේ ?
දෙක මොකාටද කුන්දික්කාලියෙක් කියන්නේ ?
ගමෙන් ගමට එක එක නම් තියෙන හන්දා සැහෙන අවුල්...
එල එල ..දිගටම ලියමු ටොම්බ් ග්ල් .... හික්z... :P
අම්මෝ හා...හා..පුරා කියලා ආපු පළමු ලිපිය....මේකි කෙල්ලෙක් උනාට කොල්ලෝ කරපු සේරම දේවල් කරලා නේ,මගේ ලගත් 9 වසර වෙනකන් තිබුන ආයුධයක් තමා උණ බටතුවක්කුව එක්ක කොහිකිරිල්ල ගෙඩි, බට 3ක් දාලා හදපු තුවක්කුව තමා නියම. මගෙත් පුංචිකාලේ මතක් කලා මේ ලිපිය....
මේ නිම්ශා නගේ බොලාගේ ගමේ කොහෙද කොහිකිරිල්ල.අනික ලාවට හින්ට් පාස් කරන්න එපා හොදේ ඉශ්වී නගාට,පලවෙනි ලිපියෙදිම....
යකෝ උබට නම් වෙනම අපායක් හැදෙනවා අර අහිසංක සත්තුන්ට කල අපරාදෙට.. :-/
අපි නම් ඔය කිරිල්ල ඇට හොයන්න ගම වටේ දිව්වෙ නැ..ඉබේ හැදිච්චි ගහක් තිබ්බා :-D
උබට නංගි චමියා අයියානේ උන්නෙ..මට නම් හිටියා හෙනම සෙටාර් එකක්..කෝම හරි අපි එක්ක සෙල්ලම් කරන්න 25 දෙනෙක් විතර උන්නා.. අපේ තාත්තා ගේ පිටිපස්සෙ වෙනම කොටසක් වෙන් කරලාත් තිබුනා අපිට සෙල්ලම් කරන්න..කියලා වැඩක් නැ ඒ කාලේ මතක් වෙනකොට නම් ඇඩෙන සයිස්.. පස්සෙ කාලෙක හැමෝම තැන් තැන් වලට ගිහින්..ඒ අය දැන් දැක්කට හිනාවෙන්නැති ගානයි..
පොඩි කාලේ නොතේරුනාට එක ළමයෙක්ට මං ආදරෙත් කරලා :D
බ්ලොග් පෝස්ට් 100 විතර ලියතැහැකි ඒ අත්දැකීම් වලින්... :)
මම කොහිකිරිල්ලනම් දන්නවා.........ඒත් කුන්දික්කාලියෙක් කියන එක මාර පුරස්නයක්.......... මොකෙක්ද අෆ්ෆා ඒ.... අමුතු සතෙක්ද....
කොහොම උනත් ලිපියනම් එල.....මම ෆට්ට ලයික් :D
මගෙත් පොඩිකාලේ හිටිය හොඳම යාලුවෝ දෙන්නා චමී අයියයි, චමි අක්කයි.... උන් දෙන්නා එක්ක කරපු කුණු වැඩත් ලියන්න හිතෙනවා.......හිටුකෝ මමත් අද හෙටම ලියලා දාන්ට.......... :P
මාවත් පොඩිකාලෙ කරපු දඟ වැඩ වල මතකයට ගෙනිච්චා. ඒ කාලෙ අයියයි අක්කයි එක්කල (අම්මගේ, අක්කගේ ළමයි දෙන්නා) කරපු වැඩ, තේ කැලේ අස්සේ, මුලු තේ වත්ත පුරාම දුවපුව,
ලිපිය නියමයි....බොහෝම ස්තූතියි ඒ සුන්දර අතිතය ආපහු මතක් කලාට.
අර පළවෙනිම කමෙන්ට් එකේ ප්‍රශ්න දෙකම තියෙනවා මටත්..
මටත් තාමත් තියෙන පිස්සුව තමා සරුංගල් පිස්සුව. දැන් ඉතින් ඕවා ඉස්සර වගේ කරන්න යාලුවොන්ට මට වෙලාව අඩුයි. :(
බට තුවක්කුව නම් නියම භාන්ඩේ.. හික්ස්.. කෝපි ඇට හරි පොඟවපු කඩදාසි හරි තමා අපේ බුලට් වුනේ.. හනේ හෙට නිවාඩු දවසේ එකක් හදනවා.. :D
කොහිකිරිල්ලනම් දන්නවා කියමුකෝ, ඒත් මොකක්ද මේ කුන්දික්කාලිය??
දිගටම ලියන්න.
හ්ම් හ්ම්,මටත් සෑහෙන පුරස්නයක් තමයි නිම්ෂගෙ ප්‍රශ්නෙ.හොඳයි හොඳයි ලියන්නකො.අපිට ඔහොම ගමේ අත්දැකීම් නෑ නේ වැඩිය. :-(
අන්න අන්න අයේෂ් දැම්මලු ඇඩ් එකක්.. :P
කුන්දික්කාලියා කිව්වේ දෙමලිච්චා වගේ කුරුල්ලෙක්ට... කොහිකිරිල්ලා වලට කියන වෙන නමක් නම් දන්නේ නෑ.. අර අමු කාලෙ අඹුල් ඉදුනාම කලු පාට වෙන කෝපි ඇට සයිස් ගෙඩි ජාතියක්... ඔන්න තිබ්බ ප්‍රශ්න වලට දන්න විදියට උත්තර දුන්නා.. තව එව්වා එහෙම නෑ නේ?? :P
@ නිම්ශා - ටොම්බ් ග්ල් කිව්වේ මොකෝ?'
ආයෙත් අහල මනුර අයියේ... මෙයාලෑ ගමේ කොහෙද ඔව්වා...
@ Pirate Bunny මටත් කොහෙ හරි අපායක් තියෙන්නේ නැතැයි බනී... පොඩි කාලේ දේවල් නම් මතක් වෙද්දි ආසයි.. හිනාත් යනවා...
අනිත් කස්ටියටත් ගොඩාක් ස්තූතියි කොමෙන්ට්ස් වලට.. ඔය කිව්වට අපේ පැත්තත් එහෙමට ගම් බද පැත්තක් නෙමේ... සමහර වචන තේරෙන්නේ නැත්තේ පැත්තෙන් පැත්තට වෙනස් වෙන හින්දා වෙන්න ඕනේ..
හප්පා මෙහෙමත් අපරාද කාරියක්...
අර බනියා කිව්වා වගේ යන්ට අපායක් නං අමුතුවෙන්ම තනන්ට වෙනවා...
හැබැයි ඉතිං ලියලා තියෙන විදියනං නියමයි...
මට ඊයේ තමයි හිතුනේ මං ගමේ නොහිටියේ හොඳ වෙලාවට කියලා..අපිත් එක්ක එකට වැටීගෙන හිටපු මගේ හොඳම යාළුවෙක් උන..ඒ වගේම ඒ දවස්වල මගේ වෙන්න මස්සිනා..මෙදා පාර චන්දෙට ඉල්ලනවාළු..ඒත් ඉතිං මගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ පැත්තෙන් නිසා..ගම හිටියානං මට කටඋත්තරත් නැති වෙනවා...
ඇත්තටම ඒ කාලේ හරිම ලස්සනයි...
ඒයි මාරයා අයියේ මගේ එකට කොමෙන්ට් දානෙ නැතිව නිර්නාමිකව දැම්මා...දැන් මේකට ගෙඩි පිටින් දාලා....ඉන්න ඉශ්චි මාත් ලියන්න..ලස්සන පෝස්ට් එක...ඒත් ඔයාට යන්න තියෙන අපාය ගැන දැන ගන්න මගෙ බ්ලොග් එකට එන්න...
තුක් තුක්..මේකි වගේ පඩත්තල කෙල්ලෙක් අම්මපා...
තුච්චයි අප්පා..
මේක කියවනකොට මට නම් මතක් උනේ මායි මයේ මලයයි පුංචි සංදියේ කරපු දේවල්.. රොබින් හුඩ් සෙල්ලම.. ටාසන් සෙල්ලම.. අයියයි මල්ලියි සෙල්ලම... ඉෂ්විගේ චාමි අයියා වගේ මයි මගේ මලයත්....
මේ මාරයා අයියේ .. පඩත්තල කියන එකේ තේරුම මොකක්ද??
තැන්කූ නීනු අක්කී... :)
@ සුදු හංසි - අනේ එහෙම මල්ලියෙක් ඉන්නවා නම් කොච්චර ශෝක්ද?? :)
අනේ නංගී ඒකේ තේරුම මෙතන කිව්වොත් නීනුවා මගේ ඔළුව කනවා...
මාරයා අයියා නීනු අක්කිට බයවූ වගයි.. හෙහේ... එහෙනම් කමක් නෑ.. පස්සෙ කියන්න බැරිය... ;)
bayeee baaaaaa :)