You are here: Home » රත්ගමයා » සුභා අක්කා... ( සන්වේදී මතකයක් )
Wednesday, February 23, 2011
මේ ලගදි දවසක නිම්ශා දාලා තිබ්බා පෝස්ට් එකක් හරියා කියලා ..ඒක දැකලා තමයි මට මේ කතාව මතක් උනේ..මේක රත්ගමයා බ්ලොග් එකේ දාන්නද ..අක්ෂරේ දාන්නද කියලා ගොඩක් හිතුවා..මේ කතාවට ගැලපෙනම තැන තමා මේක..මම සන්වේදීව ලියන පලවෙනි කතාව තමයි මේක
සුභා අක්කා...ඇත්තටම කවුද මේ...
මට වයස අවුරුදු 5ක් වෙනකොට මට හිටිය හොදම යාලුවා තමා මෙයා. එතකොට එයාට වයස 16ක් විතර වෙන්න ඇති..සුභා අක්කා කියන්නේ අපේ ගෙදර වැඩ වලට උදව්වට හිටපු කමලා නැන්දගේ දුව.අපේ මල්ලිටයි මටයි හිටපු හොදම යාලුවා තමයි එයා
පොඩි කාලේ මාව බලා ගත්තු කෙනා තමයි එයා..
ගොඩක් වෙලාවට පොඩි කාලේ මමයි අපේ මල්ලියි ගහ ගන්නවා..ඒ වෙලාවට දුවගෙන ඇවිල්ලා අපේ රන්ඩුව මැද්දට පැනලා ඒ රන්ඩු නවත්තන්නේ සුභා අක්කා..
එයා හරියට මට සහෝදරියක් වගේ..මමත් එයාට ගොඩක් ආදරේ කරා..එයත් එහෙමයි.. මගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ වෑන් එක ලගටම ගෙනල්ලා ඇරලවනවා..ඊට පස්සේ තමා එයා ඉස්කෝලේ යන්න ඇදගන්නේ..මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම දුවගෙන එන්නේ සුභා අක්කත් එක්ක සෙල්ලම් කරන්න...ඒක මහා පුදුම බැදීමක්
මේ සිදුවීම උනේ මට වයස අවුරුදු 6 ක් විතර උනාම මම හිතන්නේ..එදා පුරුදු විදිහටම අපි වත්තේ සෙල්ලම් කර කර ඉදියා..
එතකොටම කොහේද ඉදලා දුවගෙන ආපු තඩි බල්ලෙක් බුරාගෙන අපේ දිහාවට එනවා..සුභා අක්ක්යි මමයි විතරයි මිදුලේ..අපි දෙන්නටම කර ගන්න දෙයක් නෑ..බල්ල කඩාගෙන ආවේ මගේ දිහාවට..සුභා අක්කට හොදටම පුලුවන් කම තිබුනා දුවලා බේරෙන්න..ඒත් එයා එහෙම කරේ නෑ..
එයා කෙලින්ම දුවගෙන ආවේ මගේ දිහාට..ඇවිල්ලා මාව වඩා ගත්තා.වඩාගෙන අඩි දෙකක් තියෙන්න උනේ නෑ අර බල්ල අක්කව හැපුවා..මට හොදට මතකයි..මම අක්කගේ අතේ ඉදගෙන කෑ ගහනවා..අක්ක එක අතකින් මාව වඩාගෙන අනිත් අතින් බල්ලව එලවන්න මහන්සි ගන්නවා..ඒ මදිවට අක්කගේ කකුලෙන් ලේ ගලනවා..ඒත් අක්ක කොයිම මොහොතකවත් මාව අත ඇරියේ නෑ..
අපේ කෑ ගැහිල්ල ඇහිලා අම්මලා දුවගෙන ඇවිල්ලා බල්ලව එලවලා දැම්මා.. ඌ පිස්සු බල්ලෙක් කියලා පස්සේ තමා දැන ගත්තේ..ලේ ගලන අස්සේ සුහා අක්කා අහනවා 'මල්ලිට කරදරයක් නෑ නේද ' කියලා..ඒක මට තාමත් මතක් වෙනවා අක්කේ..
කොහොම හරි අක්කට ගොඩක් අමාරු උනා..අක්කව කෙලින්ම ගෙනිච්චේ කරාපිටිය ඉස්පිරිතාලෙට..අවාසනාවට මට යන්න උනේ නෑ..
ගෙදරට වෙලා මම හිටියේ ගොඩක් බයෙන්..අනේ සුභා අක්කට කරදරයක් වේවිද....මගේ හිතට ගොඩක් බයයි...
ටික වෙලාවකින් ආයේ අක්කව ගෙනාවා..අක්කගේ ඇස් වල කදුලු..මම ගොඩක් බය වෙලා...අඩනවා...අක්ක මගේ ලගට ආපහු ආවා..ඇවිල්ලා ඇහුවේ ආයෙමත් පරන ප්‍රශ්නෙමයි..."මල්ලිට තුවාල නෑ නේද"
ඊට මාස තුනකට විතර පස්සේ අක්කායි කමලා නැන්දයි අපේ ගෙදරින් ගියා..ඒ යන දවසේ අපි ගොඩක් වෙලා ඇඩුවා...
තවත් අවුරුද්දකට ව්තර පස්සේ තමා අපිට ආරන්චි උනේ අක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා කියලා...එදා අපි ගියා මල ගෙදර...අක්කගේ ලස්සන මූන බැන්ඩේජ් පටි වලින් ඔතලා..ඒ අක්කද කියලා අදුර ගන්න බෑ..මම එතනත් කෑ ගගහා ඇඩුවා මේ ඉන්නේ මගේ අක්ක නෙමේ කියලා...
අදටත් මම ආදරේ සුභා අක්කට..මට ආදරේ කියලා ඔප්පු කරපු එක්කෙනෙක් තමා එයා....
එයා අපිත් එක්ක හිටිය නම් සමහර විට එයාගේ ජීවිතේ විතරක් නෙමේ අපේ ජීවිතත් වෙනස් වෙන්න තිබුනා
නිම්ශා...ඔයා මට මතක් කරේ මේ අමතක කරන්න බැරි මගේ ජීවිතේ තියෙන කල්ම අමතක වෙන්නේ නැති කතාව...එදා අර බල්ල මාව හැපුව නම් සමහර විට අද මම මෙතන නෑ....ඒත් අද ඒකේ අනිත් පැත්ත වෙලා ත්යෙන්නේ...මම මෙතන ඉන්නවා..මගේ අක්කා මෙතන නෑ...
Related Posts
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්ම් ජීවිතේදි අපිට ගොඩාක් ලන් වෙන අය ඉක්මනට අපිව දාලා යනවලු මල්ලි... එයා ආයෙන් මේ අපි අතරම ඇති කොහේ කෙහොම හරි මුණ හැහේවි මම විශ්වාස කරන්නේ එහෙම ආදරේ අයට අපිව ආල යන්න බැහැ කියලා...
රත්ගමයෝ කියන්න දෙයක් ඇත්තටම හිතට එන්නේ නෑ.. ලස්සනට ලියලා තියනවා බං.. කතාවට ඇත්තටම අඩෙන්නම දුකයි... අනිත් දවසෙ මේ වගෙ කතා හවස් වෙලා දාන්න...
api adare karana aya api laga huga dawasak radenne na aththatama hugak sensetive story ekak
ඇත්තටම හුගක් සංවේදී කතාවක්.
ඇයි අපි ආදරේ කරන අයටම මෙහෙම වෙන්නේ?
ගොඩක් සංවේදියි රත්ගමයෝ
අපි ගොඩක් ආදරේ කරන අය .. ගොඩක් ආදරේ කරන දේවල් නැති වෙද්දි හිතට දුකයි තමයි...
අපේ අම්ම මං පොඩි කාලෙ නම් කියලා දීලා තියෙන්නේ ගොඩක් හොද අයව ඉක්මනින්ම දිව්‍යලෝකෙට කැන්ද ගන්නවාලු.. අපි එහෙම හිතල සතුටු වෙන්න ඕනේ කියලා තමයි කියා දුන්නේ..
ඔයාගේ සුභා අක්කත් ඉක්මනින් කැන්ද ගන්න ඇත්තේ එයා හොද කෙනෙක් හින්ද වෙන්න ඇති...
සමාජේ ගොඩක් හොද අය තමා ඉක්මනින්ම මේ ලෝකෙන් යන්න යන්නේ එකයි ඈත්ත.හොද මිනිස්සු ඉක්මනින්ම යන්න යනවා...ඒක මම අත්දෑකීමෙන් දන්නවා..මම ගොඩාක් ආදරේ කරපු මල්ලි කෙනෙක් 23 වගේ පොඩි වයසකදිම මිනිස්සු අතර ගොඩක් හොද කෙනෙක් විදිහට ප්‍රසිද්ද වෙලා ඉක්මනින්ම ජීවිතෙන් යන්න ගියා...මේ ලෝකේ අපිට තෙරුම් ගන්න ගන්න බෑරි දේවල් තියනවා
වෙනදට අපිව හිනස්සලා කඳුලු එලියට ගන්න රත්ගමයා අද හිත හොල්ලලා කඳුලක් එලියට ගත්තා... හැමෝගෙම ජීවිතේ ඔය වගේ අවස්ථා එනවා... ඒක තමයි ජීවිතේ....
කියන්න වචන එන්නේ නැ... බොහෝම සංවේදි ලිපියක් රත්ගමයෝ... අනර්ඝයි.
රත්ගමයො.... ඇයි බං අපිව ඇඬෙව්වේ... කම්ක් නෑ...
බොහෝම සංවෙදීයි මචං.... හිත පතුලෙන්මයි හැඟීම දැනෙන්නේ...
සුභා අක්කේ.... නුඹ සිටින ඉසව්ව කොහේ වුනත් ඒක බොහෝම යහපත් වෙයි මෙහේට වඩා....