මැදි වෙලා මම හදවත් ගණනක..

Monday, February 21, 2011





අපට හිමි නැති අපේ ලෝකය...
අහිමි කලේ ඔබත් නොව..
මමත් නොව...
වාසනා නෑ අප හදවත් තුල..
සිහින මැවූ ඒ ලොව තනන්නට...

ආදරේ අඩු නෑ මගෙ හද තුල..
ආදරේ අඩු නෑ ඔබෙ හද තුල...
එහෙත් අසරණ වෙලා අපි අද..
නෙතු අයමින් මියැදෙන ඒ ලොව වෙත..

මැදි වෙලා මම හදවත් ගණනක..
අතරමං කල නොහැකි කෙදිනක...
ඔබේ හදවත, ඔවුන්ගෙ හදවත්..
අත්හල නොහැකිව කොකියන හද තුල...

මව්පිය සෙනෙහස හැර එනු කෙලෙසද...
ඔබගේ සෙනෙහස පිටුපා කෙලෙසද..
එකක් කියා තෝරා ගනු කෙලෙසද...
සිතට එකග තීරණක් නොමැති තැන..
.

9 ප්‍රතිචාර:

  • Bunny says:
    February 21, 2011 at 10:13 PM

    ඇති යං තම් අක්ශරේ පිහිටෙන් උබේ කවි වලට තැනක් ලැබෙනවා..නැත්නම් උබ හැමදාමත් අර FB එකේම ලිය ලිය ඉන්න එකනේ කරන්නෙ ... :)

    දෙමව්පියන්ගේ හිත් රිද්දව්වන එක නම් අනුමත කරන්න බැ.. ඒත් ඉතිං ආදරෙත් කරන්ට එපැයි නේද ?
    හොදම දේ කොල්ලා ගෙදරින් අහනවා නම් හොදයි ගැණු ළමයාගේ...

  • Anonymous says:
    February 21, 2011 at 10:20 PM

    එකග නැති තිරනයක..
    පලමු පියවර තැබුවේ නුඹ ...
    හිතට වහල් වී පෙම් කෙරුවේ..
    අපි අපිට සදහට..
    දහසක් පැතුම් හිතට ගොනු කර...
    හැරයන්න තැත් දරයි නොහදුනනා සේ...
    නුඹට මම කිමක් නම් කියන්නද...

    හැකි වෙවි පෙම් කෙරුමට...
    හැකිවෙවි ලං විමට පෙම්වතෙකුට...
    එනමුදු...
    නොහැකිවෙවි අහිමි කරගන්න...
    දෙමාපිය සෙනෙහස...
    වටිනවා ලබැදි සෙනෙහස සේ..
    දහස් වරක් මවි පිය රැකවරනය..

  • රත්ගමයා says:
    February 21, 2011 at 11:00 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්,,,,,,
    ඉස්සෝ,,,,,
    මමත් මේකට කවියක් ලියන්නද..හැබ‍යි සන්කීරන වේවි...

  • ItalyDilan says:
    February 22, 2011 at 1:24 AM

    ඔයා එන්න එන්නම ගමන ලස්සන කරනවා...මම හැමදාම් කියන එක මතකයි නේ මෙතන කියන්න දෙයක් නෑ...

  • සීතල අයියා says:
    February 22, 2011 at 8:23 AM

    ලොකු ප්‍රශ්නයක් ගැන තමයි කියලනම් තියෙන්නෙ.කාව හරි තෝර ගන්න සිද්ද වෙනවමයි.හොඳයි.පෞද්ගලික අදහස්ද මංදා.නැතුව ඔහොම ලියන්න අමාරුයි කියලයි මම හිතන්නෙ. :-\

  • Angels & Demons says:
    February 22, 2011 at 3:13 PM

    shu fatta aaaaa nimsha naggla ganawa wage

  • මාරයාගේ හෝරාව says:
    February 22, 2011 at 8:18 PM

    මේකට කොමෙන්ට් එකක් දාන්න කළින් බලහල්ලා අර නීනුවා අහල පහල ඉන්නවද කියලා...

  • ඉශ්වි says:
    February 23, 2011 at 4:11 PM

    @ Pirate Bunny -හෙහේ ඒක නම් ඇත්ත... ගොඩාක් පිං මාව අක්ශරේට එකතු කරගත්තට...
    කොල්ල ගෙදරින් ඇහුවට අම්මලා තාත්තලා කැමති වෙන්නෙ නැති වෙලාවලුත් තියෙනවනේ...

    @ නිම්ශා
    අහිමි කරගත් දිනක...
    මව් පිය සෙනෙහස හිතුමත...
    අඩුවක් නොදැනේවි විගසම...

    හිතට වහල් නැති..
    නෙතින් බැලු කල..
    කල් වැඩි වේවි...
    පසුතැවිලි වන්නට....

    @ රත්ගමයා- ලියන්නකො බලන්න අපිටත් කවියෙ සන්කීර්න බව...

    @ ItalyDilan-ගොඩාක් ස්තූති... මතකයි මතකයි මොකෝ නැත්තේ .. :) ඒකත් ඉක්මනටම කරන්න බලමුකෝ...

  • ඉශ්වි says:
    February 23, 2011 at 4:17 PM

    @ සීතල අයියා- අම්මේ හොද වෙලාවට පෞද්ගලික අදහසක් නම් නෙමේ.. නැත්නම් මාර ප්‍රශ්නෙකටනේ මැදි වෙන්නේ... :) මම මේක ලිව්වේ ගොඩක් අයට මේ වගේ ප්‍රශ්නත් මතු වෙනවානේ... කුල මල වලටයි සල්ලි ප්‍රශ්නයි...

    @ Angels & Demons - ඔයා කිව්ව එක මට හරියට තේරුනේ නෑ නෙව....

    @ මාරයාගේ හෝරාව- නීනු අක්ක අහල පහල නෑ.. ඔයා බය නොවී දාල යන්නකෝ කොමෙන්ට් එකක් .. හෙහේ... ;)

Post a Comment