You are here: Home » අරුන්දතී » අරුන්දතී 8 වන පියවර
Wednesday, February 23, 2011
දින ගනනාවක සිට යලිත් දකින්නට පෙරුම් පුරමින් උන් දසුන දුටු තාරුක හිරිවැටී ගියේය..
"ඔයා..." ඔහුට එක්වරම කියැවිනි. දින කිහිපයකට පෙර සිරිවංශ නිවසේ ජනේලයෙන් එබී තම වාදනයට කන්දීගෙන උන් යුවතිය අද දෙනෙතෙහි කදුලු පුරවාගෙන තමා අසල දණ ඔබාගෙන සිටී. මේ යැයි කිව නොහැකි ආත්මීය හැගීමකින් තාරුක දැවී ගියේය. පණ ගැහෙන සිතිවිලි අතරේ තාරුක හෙමි හෙමින් පිට්ටනියේ ඈතට ඇවිද යද්දී.. වන්දනා පන්ති කාමරයට ගියාය.
අවතැන් වු සිතිවිලිත් සමග තාරුකට පන්ති කාමරයේ සිටිය නොහැකි විය විවේක කාලයෙන් පසු කාලච්ඡේදයට ඔහු පන්තියට නොගියේ එබැවිනි. පිට්ටනියේ සිදුවු සිදුවීම් එකිනෙක සිතිවිලි වල දැවටෙමින්ඔහුට වද දෙන්නට විය. වන්දනාගේ කදුලු පිරි දෙනෙත ඔහුගේ හදවත කිසිදාක නොවු තරම් සසල කරවන්නට සමත්ව තිබුණි.
"ඇයි ඔයා හැම වෙලාවේම මගේ හිතට ඇවිත් වද දෙන්නේ" ඔහු තනිවම මිමිණුවේය...
පුස්තකාලයට ගොස් පොතක් පෙරලා ගත්තද බොදවු අකුරු පේලි වල කිසි අරුතක් ඔහුට නොවැටහිනි. කාලච්ඡේද දෙකක්ම නිකරුනේ ගෙවා දැමූ ඔහු අවසන් කාලච්ඡෙදසේ සසල සිතිවිලි සමග පන්ති කාමරයට ගියේය ඔහු දොරෙන් ඇතුල්වත්ම චමීන් ඇතුලු දගකාරයන් පිරිස උසුලු විසුලු කරමින් හිනැහෙන්නට විය.
“ජාත්යේ ගැලවුම්කාරයා..” ඒ අතර කෙනෙක් උස් හඩින් කීවේ පන්තියම සිනහ සයුරේ ගිල්වමිනි. කිසිත් නොකී තාරුක නිහඩවම ගොස් ඉසංක අසල වු තම සිසු පුටුවට බරවිය.
“කොහේද උඹ ගියේ හා...” එක්වරම ඉසුංක තාරුකගේ ඇගට කඩන් පැන්නේය.
“ලයිබ්රරි එකේ හිටියේ...” තාරුක සන්සුන්ව මිමිනුවේය.
“උඹේ මොලේ නරක් වෙලාද උදේ ඉදන් කෙමෙස්ට්‍රි පිරියඩ් එක එනකල් නේ උඹ බලන් හිටියේ.. ඇයි පුත්තලං බූරුවෝ කට් එක දැම්මේ... සර් උඹව ඇහුවා.." ඉසංක විමසිලිමත්විය
“ඔළුවේ කැක්කුමක් ආවා මචන් ඉවසන්න බැරි උනා” තාරුක පරාජිතව කීවේය.
“ඈ තරුවෝ උඹට ඔළුවේ කැක්කුමක් හැදුනද නැත්නම් අර නංගි බබාගේ ඔළුව අත ගගා හිටියද...” චාමින් විහිලුවෙන්ම කතාවට එක්විය
“කවුද බං නංගි බබා......” කිසිත් නොදැන උන් ඉසංක උනන්දුවෙන් චාමින් දෙසට හැරුණි.
“ අ..හා.. ඉසෝ... උඹට කියන්න බැරි උනානේ.. ඉනටවල් එකේදි අපි චූටියට වැඩේට මුල පිරුවා...”
“වැඩේට... හෑ... මොන වැඩේටද බන්ස්....”
“අහගෙන හිටපන්කෝ උඩ පනින්නේ නැතිව....”
“හා.. හා... ඉතින් වාත අමාරුව හදාගන්නේ නැතුව කියපන්.....”
“අළුත් කෙල්ලෝ දෙන්නෙක් අල්ලගෙන පොඩ්ක්.. දන්නේ නැදද.......” චාමීන් ඉහිමැරුවේය....
“අ.. හා... ඒ වැඩේ...කෙලින්ම කියපන්කෝ රැගත් දුන්නා කියලා.... ඉතින් ඉතින්.....” ඉසංක අළුත් උනන්දුවකින් කතාවට සවන් දුන්නේය
“ඔවි ඉතින්.. එහෙම කලා....අපි ටිකක් සැරට කතා කලාම මෙන්න බොලේ කෙල්ල බිම ඉදගෙන අඩන්න පටන් ගත්තා....”
“නෑ...... ඉතින්....” ඉසංකගේ උනන්දුව දිලිසෙන ඇස් වලින් මනාවට පෙනිනි.
“කොහේද.. හේ මුකලන් බස්සා කොහේදෝ ඉදන් පාත් වෙලා.. ගැලවුම්කාර භූමිකාව රගපාන්න පටන් ගත්තනේ...හ..තු..රා...” චාමින් තාරුකගේ පිටට පහරක් ගසමින් කීවේය... ඔහුගේ වදන්වල විනොදයක් මිස තරහක් නොවීය...
“කෙල්ලගේ කදුලු දැකලා දුක හිතුනද තරූ...” ඉසංක ගනනකට නොගෙන ඇසුවේය..
“ඉසා... උඹ දන්නවද ඒ කවුද කියලා........”තාරුක ඉසංක දෙස බලා කීවේය
“ඇයි මමත් දන්න කෙනෙක්ද...”
"හ්ම්ම්ම්..... අර නංගි උඹලගේ ගෙදර ඉන්නේ......” තාරුක මිමිනුවේ සැක සහිතවය...
“මොනවා...?? වන්දනා....” බලා සිටිත් දී ඉසංකගේ ඉරියව් වෙනස් වුනි
“නමින් නම් දන්නේ නැහැ මචෝ ඒත් මම දැකලා තියෙනවා ඒ නංගි උඹලගේ ගෙදර ඉන්නවා”
තාරුක සැකයෙන් මෙන් කියද්දි ඉසංක වේගයෙන් චාමීන් වෙත පැන ඔහුගේ කමිසකෙලරයෙන් අල්වාගත්තේය.
Related Posts
Subscribe to:
Post Comments (Atom)
හුට්ටප්පරිජාලං...
කාල හමාරයි!
මලකෙලියයි...... ගුටි බැට හුවමාරුවක්..... ජය වෙවා
හරියට හරි.. නියම අයියා කෙනෙක්.. :\
මේ ඉක්මනට ලියන්නකෝ.. මම අද ආයිත් 7 වෙනි කොටසත් කියෙව්වා ඒක මතක නැතිව.. :(
ගහන්නේ නැතුව කොහොමද... දත් දෙකක් කඩහන් ඉසංකයෝ...මම ආසයි..ඉලග එකේ අලි වලියක් යනවානම්... :D
හනේ වලිනං බල්ලට ගියදෙන්..
ආරක්ෂක දේවාවෝ දෙන්නෙක් සෙට් වෙන්නයි යන්නේ..හැබැයි මුං දෙන්නටත් බඩුම තමා දවසක...අන්න එදාට තමා වලිය...