“කියමු බලන්න නෝනා මහත්තයා නම” එක් සිසුවෙක් ඉසුරිගේ ඉසුරිගේ මුහුණටම එබෙමින් ඇසුවේය..
“ඉ...ඉ...ඉසුරි...”
“ඊ.............. ඊ............... ඊ................ඊසූරී...... මුලින් කීවේ ඉනීසියල්ද.” කොලුරැල හඩ නගා සිනාසුනෝය ඉසුරි වෙව්ලමින් බිම බලාගෙන උන්නාය වන්දනාද උන්නේ ගැහෙමිනි.
“ හොදයි ඊ..... ඊ..... ඊසූරී... නෝනා ඔයාට තියෙනවා වැඩක්...” ඉසුරි හිස ඔසවා කටකාර කොලුවා දෙස බැලුවාය..
“ඇයි...ඇයි......?? මොනාද බලන්නේ....බිම බලාගෙන අහගෙන ඉන්නවා....” ඔහු ඉසුරිට තරවමු කලේයඉසුරි ස්ව්‍යංක්‍රීයව නෙත් බිමට බර කලාය. තමන්ගේ දෙකොපුල් රත්වී දෙකන් රතුවනු වන්දනාටද දැනිනි. දෙනෙත කදුලින් පිරී යද්දී ඇය නොසෙල්වී දෙනෙත් බිමට බරකරගෙන උන්නාය.
“අතන ගල් ගොඩෙන් සුදුපාට තිරිවානා ගල් කැට හතරක් හොයාගෙන මේ හෝල් එකේ කොන් හතරේ තියන්න ඔනි. හැබැයි වටේට යන්න පුළුවන් පැත්තට විතරයි, අනික් එක ඒ වැඩේ කරලා සද්ද නැතිව පන්තියට ටන්න ඔනිකාට හරි කම්ප්ලේන් කරලා තිබුනොත් ඉදිරියට කරදර වෙයි.......තේරුණාද.......”
ඉසුරි හිස සැලුවාය.
“හා... යන්න පුළුවන් දැන්...” කටකාර සිසුවා නියොග කලෙන් ඉසුරි හා වන්දනා දෙදෙනාම ගල් ගොඩ දෙසට හැරුනෝය
"හා... හා... එක්කෙනාටයි යන්න කීවේ.....ඔයාට වෙන වැඩක් තියෙනවා නෝනා...ඔහොම ඉන්න" තව එකෙකු වන්දනාට මග අහුරමින් කෑ ගැසුවේය .. වන්දනා උන්තැනම ගල් ගෑසි උන්නාය.
"ඔයා යන්න කියපු වැඩේ කරන්න.." වන්දනාව තනි කර යන්නට පැකිලෙමින් උන් ඉසුරිට තවත් නියොගයක් ලැබුණි ඇයි වයින් කල බොනික්කියක මෙන් ගල් ගොඩ දෙසට ඇදී ගියාය.
"මොකක්ද නම කීවේ...." තවත් කටකාරයෙකු වන්දනාගේ මුහුණට එබෙමාන් ඇසීය ඇය ඊට පිළිතුරු දීමට අසාර්ථක උත්සහයක් ගනිම්න් උන්නාය.
"ඇයි කයක් නැද්ද...??" එක් සිසුවෙකු තමා අතවු අඩි රූලෙන් වන්දනාගේ නිකට එසවුවේය.. සැනකින් ඇයිගේ කම්මුල හරහා කදුලු පේලියක් ඇදිනි.
"ආරංච් උනේනම් මෙයා ගල්රොලක් කියලා..හැබැයි ඉතින් කතා කරන්න කලින් අඩනවා..මේ... මේ... මැඩම්... අපි අඩන්න දෙයක් කීවේ නැ ඇහුවේ නම... මෙතන බොරුවට හුරතල් වෙන්න එන්න එපා..." කටකාර සිසුවා.. වන්දනාගේ මුහුණට එබෙමින් ගිගිරුවේය...
"ව...න්...ද......නා...." දෙතොල්පට සෙලවුනත් හඩ පිට නොවිනි
"ඇයි කට ඇරලා කතා කරන්න අමාරුද.. නොනා මහත්තයාට...." දගකාරයා යලිත් ගිගිරුවේය..
"වන්දනා......." ඇඩි උත්සහයකින් පසු ඇය සිහින් හඩින් මිමිනුවාය.....
"වන්දනාද නම... අනේ.. අම්...මා.... ඉතින් ඔක කලින්ම කීවනම් අපි සැර දාන්නේ නෑ නොවෑ...." එකෙකු හුරතල් හඩින් කියද්දි සියල්ලොම කෙක් හඩලා සිනාසුනෝය.
"වන්දනාට කෙල්ලෙක් ඉන්නවද... අපි අහන්නේ... මේ ලිරිමි දරුවෙක් ඉන්නවද කියලා නෙවෙයි.. ලව් කරන්න කොල්ලෙක් ඉන්නවද කියාල..." යලිත් රළු හඩක් ඇසෙද්දී වන්දනා ගැස්සුනාය... නන්නාදුනන කොල්ලන් හත් අට දෙනෙකූ අතරේ වන්දනා උනනේ බියපත්වය. ඇය හිස දෙපසට සලා නැතැයි කිවාය....
"එහෙනම් වඩාත් හොදයි... හිටියත් අපිට ප්‍රශ්ණයක් නැහැ. ඒව නතර කරන එක සිම්පල්.. දැන් වන්දවා ඔයා.... අපි අට දෙනාගෙන් කැමති කෙනෙක්ව තොරගන්න ඔයාගේ බොයි ෆ්රෙන්ඩ් විදියට තොර ගන්න විනාඩි දෙකක් දෙනවා එච්චර වෙලා නැහැ මොකද බෙල් එක ගහනන ළගයි..."
තමනගේ හකු අස්ථින් අගුලු වැටී යන සෙයක් වන්දනාට දැනිනි. නොනවත්වා දෙනෙතින් කදුලු ගලා යදිදී ඇය හිරි වැටී බලා උන්නාය..
"ඉක්මනට ඉක්මනට..... අපිට මෙතන කදුලු පිහ පිහ ඉන්න වෙලාවක් නැහැ " එක සිසුවෙකු සැර වෙද්දී සියල්ලෝම දගකාර ලෙස සිනාසුනොය වන්දනාට මුළු පිට්ටනියම තමා වටේ කැරකෙන සෙයක් දැනිනි. ඇය එහෙමම තණ බස්සේ දෙදෙණ ඔබා ගත්තාය.
"චමියා... මොනාද ඔතන වෙන්නේ....." විවේක වේලාව අවසන් වන විට පන්ති කාහර වලට යන සිසු සිසුවියන් හසුරවන්නට යමින් උන් තාරුකට පිට්ටනියේ වු කලබලය ඉව වැටිනි.
එකවරම වන්දනා බිමට කඩා වැටීමත් තාරුකගේ හදිසි පැමිණිමත් නිසාඑතාන සිටි සියල්ලන්ගේම සිනහ හඩ නැවතී තිබුණි.
"මොකක්ද මෙතන වෙන්නේ මචන්...හදිස්සියේ ධනේ සරිවත් ආවෙත් උඹලට ලේසි වෙන්නේ නැහැ.. උදේ විනය රැස්වීම මතකනේ....ඇයි බන් උදේ කියපු ටික මේ ටිකට අමතනද....යන්න ඇරපන් ඔය නංගිය... ඒකල්ලා පලයල්ලා මචන් පන්ති වලට....ප්ලීස්......" තාරුක සන්සුන් හඩින් ඒත් නියෝගාත්මක ස්වරයෙන් නියොග කලේය.
"ආවනේ උඹ හතුරු කමට...හිටපංකෝ ටිකක් අපි කාටද හරියන්නේ බලන්න..." කියමින් කොල්ලන් රැල විසිර ගියෝය.
"චමී.... තව කෙනෙක්ව අඩවලාද උඹලා සතුටු වෙන්නේ... ප්ලීස්... දැන් පලයල්ලා... නැත්නම්...මං යාළුකම් අමතක කරනවා......" තාරුක තරමක් දැඩි හඩකින් කිවේය...
එසැනින්ම.. විවේක කාලය අවසන් කරණ සීනුව නාද වුයෙන් පිටිටනිය ටිකෙන් ටික හිස් වන්නට විය...
"නැගිටලා ක්ලාස් එකට යන්න නංගී...ඔයාට ආයෙත් කවුරුත් මුකුත් කිවන එකක් නැහැ..." තාරුක පහත් වී... කරුණාබර හඩකින් කීවේය...
"නංගී...." තාරුක තණ බිස්සේ දණ ඔබා ගනිමින් කතා කාලේය....
"කවුරත් නැහැ මෙතන මම ප්‍රිෆෙක්ට් කෙනෙක් මං ඔයාට රැග් කරන්නේ නැහැ.." තාරුක යලිත් කරුණාබර හඩින් කීවේය... වනිදනා කදුලු පිසිමින් හිස එසෙව්වාය..තාරුක යුවතියගේ මුහුණ දුවුවේ එවිටයි...
හ්ම්...
හ්මම්ම් මදෑ නගේ මෙහෙමවත් ලියා ගත්තා තිබුණ රාකාරිවල හැටියට....
හයියෝ.. මට හිතාගන්න බෑ මේකේ මොනා වෙනවද කියලා.... ම්ම්ම්ම්ම්ම්.....
“ඊ.............. ඊ............... ඊ................ඊසූරී...... මුලින් කීවේ ඉනීසියල්ද.”
මේක කියවද්දී අපේ ඉස්කෝලේ කෙල්ලෙක්ට වුන දෙයක් මතක් වුනා. හැබැයි ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජයි වගේ මට.. ;)
මේ අර ගිටාර් හාදයද?
නියම කතාව, ලස්සනයි.
ඉතුරු ටිකත් එනකන් බලන් ඉන්නවා...
මාරයියේ... යා යා ස් එයා තමයි....
ළමයෝ.. පුගුස්සාජනක දේවලි සිද්දවෙයි ඉස්සරහට..
තාරක... අද දෙනවෝ....