කුරුලු පියාපත් තටු ....
ඉස්සර හරි ගෙත්තම මගේ...
සැගවිච්ච පොත් පිටු අතර සැගවුන...
දැනුදු සිත් දකින..
හිත ඉස්සර අර පාසල් කාලය වෙත දුව යන..
ආසයි අන්න ඒ මතකය...
ලස්සනට පිටු අතර සැගවුන...
ආසයි දුවන්න අන්න ඒ කාලය වෙතට...
නොහැකි වුනත් ලගට ගන්න...
ආසයි හැමදාම අන්න ඒ මතකයේ පිටු අතර සැගවෙන්න...
අපේ මතකයෙන් කවදාවත් අමතක නොවෙන
අපේ පාසල් කාලය
ආයෙත් යන්න හිතුවට ඒක ඉටු නොවෙන ආසාවක්
ඒත් තවත් වරක් පාසලට යන්න පුලුවන්
පුංචි එකෙක් ඇදගෙන ආයෙත් අපේ මතකයන් සිහි කරගෙනම.....
සුන්දර මතකය
පාසල් කාලය
ආසයි නැවතත්
ලබන්න ඒ කාලය
සුදු ඇඳුමින් සැරසී
යහළු යෙහෙළියන් සමගින්
දුවපැන විනෝද වූ
අපූරුයි ඒ කාලය........
සුළගේ ලෙලෙනා
මල් සේ දග පා
අප පාසැල් ගිය කාලයේ
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ….
ඉස්කෝලේ මතක් වෙද්දි මට මෙන්න මේක තමා කියවෙන්නෙ...
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
ළපටි කැකුළු වියේ පටන්..
පොත් මිටියත් පිට බැඳගෙන..
ගමේ පුංචි ඉස්‍කෝලෙට ගියපු එකා මං..
පහේ කැලෑසිය සමත්ව..
ඉගෙන ගන්ට තවත් හොඳට..
සිදාදියේ කොලීජියට දාපු එකා මං..
හීනී කෙසග පරඩලක්ව..
ලොකු ලොකු ගස් අස්සේ වැනුන..
අකලට පරවී ගියාපු එකා උනෙත් මං..
අන්තිමේට කිසිත් නැතිව..
ආපහු ගම් දොරට ආව..
අනාත අසරණ ගැටයා උනා නේද මං..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට //
හ්ම්ම්ම්ම් කොයි තරම් නම් සුන්දරද ඒ මතක...
කට්ටියටම ඔන්න තැන්කු හොදේ...