අපැහැදිළි ආදර කතාවක්....

Tuesday, February 15, 2011

ඇත්තටම මේ කතාව මම මෙතන ලියන්න කැමතියි....එතකොට ඒ ගැන දන්න කවුරුත් මේක කියවන්නෙ නැහැ...ඒක මට ලොකු සහනයක්...නැත්තම් ඔයා මට බනීවි..ඇයි ඔයා ගැන ලිව්වෙ කියලා...ඊයෙ වැලන්ටයින් දවස ..මට මල් ගොඩාක් හම්බුණා...මම ඒ මල් වලට හරි කැමතියි...ඒත් ඒවා දුන්න කාටවත් මම කැමති නැහැ....


ඔයා ට මතකද? මම ඉස්සර ඔයාගෙ පන්තියට දුවලා එනවා...ඔයා කොයි තරම් දේවල් එතකොට කතා කරනවාද?.... ඔයා කතා කරන විදිහ අහගෙන ඉන්න මම හරිම පෙරේතයි...මම ආසා නෑ අපේ පන්තියට ඒ වෙලාවට සර් එනවාට...මම ඔයාලාගෙ පන්තියෙ ඉන්න ආසා නිසා ඔයාලාගෙ සර් මට හරි ආදරෙයි...එයා හිතන් ඉන්නෙ මම එයාගෙ සබ්ජෙක්ට් එකට ආසයි කියලා...ඒ නිසා මම ඔයාලාගෙ පන්තියට ආවාම සර් මාව තියා ගන්නවා.....


ඔයාට මගේ ආදරේ විහිලුවක්..මට ගොඩාක් දේවල් ඔයාගෙන් ඕනෙ කළේ නෑ...මට ඕනෙ කළේ ඔයා දිහා බලන් ඉන්න විතරයි....


මට ලොකු හීන තිබුණෙ නැහැ...රතු පාට මල් වැටිච්ච සුදුපාට සමනළ අත් දාපු ගවුමක් ඇඳගෙන ඔයාගෙ අතේ එල්ලිලා රතු නෙළුම් මල් ගොඩාක් තුරුලු කරන් වලාකුළු බැම්ම වටෙන් වටෙන් ගිහින් දළදා මාළිගාව වඳින්න යන්න ආසාවක් තිබ්බා...අපි යද්දි,පොරි විකුණන පොප් කෝන් මමා කෙනෙක්ගෙන් පොරි අරගෙන...වැව රවුමෙ පාත්තයින් ට වීසි කරන්න ආසාවක් තිබ්බා...දළදාව වැඳලා ඔයා ළඟට වෙලා කරඬු හතක් ඇතුළෙ තියෙන දළදාවෙ පින් බර සිතුවම හිතේ මවාගෙන වැඳ ගන්න ආසාවක් තිබ්බා...ඒ තමයි මට තිබුණු ලොකුම හීනේ.....




ඔයා රෑ වෙලා මොනා හරි ලියනකොට, නැත්තම් පොතක් බලන කොට තේ එකක් හදා දෙන්න... කකුල් දෙක ළගට ඔයාගෙ මූණ දිහා බලන් ඉන්න ආසාවක් තිබ්බා... එළි වෙනකන් ඔයාගෙ දේශපාලන කතා, සමාජයේ වුණු වැරදි ගැන කතා අහගෙන ඉන්න මට ලොකු ආසාවක් තිබ්බා.ඒවා විතරයි මට තිබුණු හීන....


ඒත් ඔයාගෙ හීනේ හිටියෙ මට වඩා ගොඩාක් ලස්සන කෙනෙක්....මම එයා වගේ උණා නම්,අද මම අනාගතේ ගැන හීන මව මව සතුටු වෙන කෙනෙක්...


එයා  මට වඩා ලස්සන බව ඇත්ත..ඒත් එයා ඔයාටත් තව  හීනයක් ම විතරයි මහත්තයො...අපි හැමෝම නොලැබුණු දෙයක් පස්සෙ දුවනවා ...


ඔයාට මතකද? ඔයාගෙ උපන් දිනේ දවසෙ මම ඔයාව පුදුම කළ හැටි.එදා උදේ හයට මම ආවෙ,ඔයාගෙ පන්තිය රතුපාට තරු වලින් සැරසුවා...ලස්සන ක්‍රේප් පටි වලින් ඔයා වැඩ කරන කොම්පියුටරේ එතුවා.. රෝස මල් වලින් මේසෙ සරසලා එක එක තෑගි ඔතලා මේසෙ උඩ තිබ්බා....ඔයාට ලස්සන සින්දුවක් හදලා ඒක ඇහෙන්න තිබ්බා.....පන්තියෙ බෝර්ඩ් එකේ ඔයාට  happy birth day කියලා ලිව්වා....පන්තිය මගුල් ගෙයක් වගේ..ඔයාගෙ යාලුවො ආවා..එයාලා මට හරි ආදරෙයි...එයාලාත් මට උදව් වුණා...එක යාලුවෙක්ගෙ ඇස් වලට කඳුළු ආවා...එයා ඇහුවා...ඔයා මේ තරම් මහන්සි වුණා ද? මේ වගේ දෙයක් වෙනුවෙන් කියලා....මම එයාව පොරොන්දු කර ගත්තා..මම මේක කළ විත්තිය කාටවත් නොකියන්න....


ඒත් කාඩ් එකෙන් ඒක මම කළේ කියලා කට්ටිය දැන ගත්තා...ඒත් ඔයාට සතුට හංගන්න බැරි වුණා..ඔයා පන්තියෙ අක්කා කෙනෙක්ට කියලා තිබ්බා...ඔයාගෙ අම්මාවත් ඔයා වෙනුවෙන් මෙහෙම දෙයක් කරලා නෑ කියලා...කට්ටිය ඉස්සරහ මට ඇවිත් ඔයා ස්තූතියි කිව්වා...එදා ඔයා කේක් කැපුවා...හැමෝටම කවලා අන්තිමට මට කැව්ව බව ඇත්ත...මම සතුටු වුණා...ඔයා මට කේක් කැව්වා කියලා හිතාගෙන...මම දුක් වුණේ නෑ...ඔයා මට කැව්වෙ හැමෝටම පස්සෙ කියලා...


ඒත් ඔයාම පස්සෙ මට කතා කරලා බැන්නා එහෙම  කළාට....ඇයි ඒ? ඔයා ඒ දේට ආසා නම් ඔයා ඇයි එහෙම කළේ?...ඔයා කොයි තරම් සතුටු වුණාද?..ඒත් ඒක කළේ මම කියලා දැණුනාම ඔයාට මදි කමක් දැනුණා ද?..එයාට ඔයාගෙ උපන්දිනේ මතක් වුණේ ළඟට ගිහින් ඔයා කේක් ඇල්ලුවාට පස්සෙයි....ඔය දෙන්නම අතරෙ ආදරයක් තිබ්බා නම් මම කවදාවත් ඒ මැද්දට එන්නෙ නෑ...ඒත් ඔයා විතරයි එයාට ආදරේ කළේ... හරියට මම ඔයාට ආදරේ කළා වගේ...


ඒත් කවදා හරි ඔයාට ඔයාගෙ විසි දෙවෙනි උපන් දිනය මතක් වුණොත්, මේ පුංචි කෙල්ලගෙ දුප්පත් ආදරේ ඊට යටින් පොඩ්ඩක් හරි මතක් වෙන්න ඕනේ.... නැත්තම් ඔයා මනුස්සයෙක් නෙවෙයි.........


කොලේජ් එකෙන් ඈත් වුණාම මට ඔයාව දකින්න තියෙන එක්ම මාර්ගෙත් ඔයා අහුරලා..මුහුණු පොත...මම අඩුම තරමෙ ඒකට එක කමෙන්ට් එකක් දාන්නෙ නැහැ....ඒත් ඔයාට බයයි... මම පළි ගනී කියලා.....එහෙම නේද? මම පළි ගන්න දන්නෙ නෑ අයියෙ


ඔයා පෙරහැරට පේ වුණු දවස් වල මස් නොකද්දි,තමයි අපි කොලේජ් එකෙන් චාරිකාවක් ගියෙ ....


ඔයාට මතකද? එදා අපේ රෑ කෑම වලදි නූඩ්ලස් වලට බිත්තර කවලම් කරලා...ඔයාට කන්න විදිහක් නැහැ...මම අක්කටයි මටයි බෙදා ගත්තා..එත් මම කෑවෙ නැහැ...මට කන්න බෑ...ඔයාට මම මගේ ඩෙසට් එකට තිබ්බ යෝගට් එකත් තියෙලා...මගේ රූම් එකට ආවා...ඒතකොටයි මට මතක් වුණේ...මගේ චොක්ලට් බිස්කට් එක....මට ඒක මතක් කලේ අක්කා කෙනෙක්...එයාට අවිත් ඉල්ලුවා..එයා ෆිගර් එක හදන්න රෑට කන්නෙ නැති කෙනෙක්... මම එයාට දුන්නෙ නෑ...පිස්සුනෙ නේද?..මම ඔයාව හොයන් දුවගෙන ආවා....ඒත් ඔයා කිව්වා..එයාලා වෙජි කෑම ඔයාට හදනවා කියලා...මට සතුටු හිතුනා....


ඔයා තමයි අපේ කොලේජ් මැගසින් එකේ ලොක්කා..ඔයා කැමති නෑ ඔයාට බල පෑම් කරනවාට...මතකද?..මම ඔයාව සනසවපු හැටි....කියනවා නම් කියන්න හුඟාක් දේ තියෙනවා.....ජීවිතේ කියන්නෙ මෙහෙව් දුකක් නම් මැරෙණ එක සැපක්...ඒත් මේ ආත්මෙ මේ ආත්මෙම ගෙවලා..ලබන ආත්මෙ මම නෙළුම් මලක් තරම් ලස්සන වෙනවා....එදාට ඔයාට මාව දාලා යන්න..මට බනින්න...මාව ඈත් කරන්න නොහිතෙන තරම ට මම ලස්සන වෙනවා...


ඒත් ලස්සන කියන්නෙ මොක්ද්ද?...එක එක කාලෙට ඒක වෙනස් වෙනවාද? රට අනුව, ජාතිය අනුව වෙනස් වෙනවාද?..නැත්තම් ඇහැ අනුව වෙනස් වෙනවාද?..මට ඒක ලොකු ප්‍රශ්නයක්....ඔයා ආදරේ කරන ,ඔයාට කාවත් නොලැබෙන ඇයත්,කවදා හරි වයසට ගියාම....ඔයගෙ හිතින් එයා මැකේවි...නැහැ..එතකොට ඔයාත් වයසයිනෙ....මම මේ ගැන තව හිතන්නෙ නෑ.....බුදු හාමුදුරුවන්ගෙන් මම ඉල්ලන්නෙ එකම දෙයයි...ආයෙ වඩින්න...මට නිවන් දකින්න ඕනේ බුදු හාමුදුරුවනේ...හැබැයි මහණ වෙන්නෙ නැතුව...මට කොණ්ඩෙ කපන්න නම් බැහැ.....




(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

15 ප්‍රතිචාර:

  • Anonymous says:
    February 15, 2011 at 7:50 PM

    ආදරයට ලස්සන වැදගත් වෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැ..එ ගැන හිතන්නවත් මම කැමති නැ...ආදරේ එන්නේ හිතින්..කෙනෙකුට ආදරේ කරන්න ඔනා එයාගේ ලස්සනට නෙමේ...එතන ආදරයක් නැ..එක හරි බොරු දෙයක්.. කෙනෙක්ගේ ලස්සන වෙන්න ඔනා හිතයි.. හිත ලස්සන නම් කොච්චර කැත උනත් ඒ ලස්සන හිත ට ආදරේ කරන කෙනා සතුටින් ඉදිවි හැමදාම... මෙක ඇත්තම කතාවක් හන්දා අක්කේ කියන්නම් නොලැබෙන කෙනෙක් ගැන හිතන්න එපා... ආදරේ වටින් නැති කෙනෙක් වෙනුවෙන් වැ‍ය කරන්න එපා... ඒ වටින ආදරේ කවදාහරි හරිම කෙනාට ලැබෙයි..එදාට ඔයාට දැනෙයි ඔයා විදපු දුක දුකක් නෙමේ කියලා... ආදරෙ තියෙන්නේ විදින්න ...විදවන්න නෙමේ..

  • චතුවා says:
    February 15, 2011 at 8:07 PM

    ආදරේට ලස්සන.. හ්ම්ම්ම්.. අදාල නෑ මටනම්.. දුක හිතුනා අක්කේ කියවද්දී.. අනේ මන්දා.. කියන්න දෙයක් හිතාගන්න බෑ..

  • Anonymous says:
    February 15, 2011 at 8:08 PM

    පේමතෝ ජායතී සොකෝ..
    පේමතෝ ජායතී භයං..
    පේමතෝ විප්ප මුත්තස්ස..
    නත්ථි සොකෝ කුතෝ භයං..
    (ධම්ම පදය- පිය වග්ගය-5)

  • නෙරංජි සුලක්ඛනා says:
    February 15, 2011 at 8:12 PM

    බුදු බණත් දාලා... තැන්ක්ස් අනේ....

  • චේ උන්නැහේ... says:
    February 15, 2011 at 8:30 PM

    ආදරය........... කතා කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක්.. එක එක අය ආදරය දකින්නේ එක එක විදිහට... කෙනෙක් ලස්සනට ආදරෙයි (ආසයි) . තවකෙනෙක් ගතිගුණ වලට ආසයි. කතත් කෙනෙක් තව දේකට ආස වෙන්න පුලුවන්... කොහොම උනත් ආදරය කරද්දි තමන් වගේම ආදරය කරන කෙනෙක් හොයාගත්තානම් දුක් වෙන්න සිදුවන ප්‍රමාණය අඩුයි. කෙනෙක් දාලගියාම එයා දාලා ගියේ දෙන්නා අතරේ තියන නොගැලපීම හින්දා කියලා හිත හදාගන්න. හිත හදාගන්න අමාරුයි තමයි. නමුත් කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැ....... එක දෙයක් හිතට ගන්න.....

    .....ඔයාගේ උරුමක්කාරයා කවදාහරි ඔයාව හොයාගෙන එයි....

  • ~ChAnDiKa~ says:
    February 15, 2011 at 10:40 PM

    ආදරේට කොයින්ද කැතක් ලස්සනක් නංගියේ. ආදරේ තියෙන්නෙ අපේ හිතේ. ලස්සන අදහස් තියෙන හිත් කොහොමත් ලස්සනයි. අනේ මංදා මේක කියවද්දි මටත් මේ වගේම සිදුවීමක් මතක්වුණා. හ්ම්.. අපි බලමුත එයාට ඇත්තටම ඔයාගෙ ආදරේ දැනෙන දවසක් ඒවි. අන්න එදාට ඔයාව හොයාගෙන එයා ඒවි.

  • MaRLaN says:
    February 15, 2011 at 11:45 PM

    කියන්න්න දෙයක් හිතාගන්න බෑ...

    ආදරය කියන්නේ
    සීනියි මිරිසුයි එකට කනවා වගේ වැඩක්
    මේ ලෝකේ තියන තේරුමක් නැති එකම දේ "ආදරය"
    මහම මහ පිස්සුවක්

    ඔයගෙ කතාව කියවද්දි මහා දුකක් දැනුනා අක්කේ.... කවදාවත් ආදරය පිලිනොගන්න කෙනෙක් ඉස්සරහ ආදරය බාල්දු කරන්නයන්න එපා... කවදාහරි එයා ඔයා ලග දැන ගහලා ඔයාගේ ආදරය ඉල්ලයි, ඉන්න එතකන් හිත හයිය කරගන්න

  • මුදියන්සේ says:
    February 16, 2011 at 12:39 AM

    කියන්න දෙයක් හිතා ගන්නනම් බෑ.
    මාත් මේ වගේම අත්දැකීමකට මුහුන දෙමින් ඉන්නෙ

  • ඉශ්වි says:
    February 16, 2011 at 1:09 AM

    තමන් ආදරේ කරන එක්කෙනා ඇස් ඉදිරිපිටම වෙන කෙනෙක් ගැන හිතද්දි ගොඩාක් දුක හිතෙනවා ඇති...
    දුක හිතුනා කතාව කියවද්දි...
    ඒත් ආදරේ අගය නොදන්න කෙනෙකුට ආදරේ කරන එක කාලය නාස්ති කිරිමක් වගේ දෙයක්.. ඇත්ත ආදරේ හම්බ උන දවසට එහෙම හිතේවි...ආදරේ ඇත්ත නම් පිට පෙනුම මොකටද??

  • තිස්ස දොඩන්ගොඩ says:
    February 16, 2011 at 7:39 AM

    අපූරු ලියමන.. එක හුස්මට කියවීමි...

  • Rv says:
    February 16, 2011 at 11:18 AM

    අනේ !!!!!! ............ :'(

  • නෙරංජි සුලක්ඛනා says:
    February 16, 2011 at 10:18 PM

    මම හරි හොඳයිනෙ.....ඔන්න බලන්න මම පලවෙනි පෝස්ට් එකෙන්ම කට්ටිය අල්ලපු හැටි...මේ..දැන් මම පොතක් ලියන්න පටන් ගත්තා නම් හරි.....ස්තූතියි...මේ කොමෙන්ටු වලට...මම උත්තම පුරුෂ වලින් ලියන්නෙ මට වෙච්චි නිසා නෙවෙයි...මිනිස්සුන්ට එතකොට දැනෙනවා වැඩි නිසා.....සන්නිවේදන ශක්‍යතා

  • Harshana says:
    February 17, 2011 at 12:55 AM

    සෑහෙන්න හිතට වදින විදිහට ලියල තියෙනව. මම නම් ආදරය දකින්නෙ විදින්න වගේම විදවන්නත් තියෙන දෙයක්. බොහෝ අය ලස්සන දේවල් වලට හිත යනව. ඒ වගේම තමා තමා ආදරය කරන කෙනත් ලස්සන වුනානම් කියල හිතන අයත් ඉන්නව. ඒ වගේම එය මුලින්ම ආකර්ෂණයක් වෙලා පස්සෙ ආදරයක් බවට පත්වෙන්න පුළුවන් එකිනෙකා නිවැරදිව තේරුම් අරගෙන නම්. ගොඩාක් අය ලස්සන පුද්ගලයන්ට ආදරය කරන එක ආකර්ශණය කියල කියනව. නමුත් ඒ තුලත් ආදරයක් තියෙන්න පුළුළුන්. මමත් පහුගිය කාලයේ මේ වගේ සිදුවීමකට මුහුන දුන්න. නමුත් අකමැත්තෙන් හරි තීරණ ගන්න වෙනව පෟද්ගලික යහපත සඳහා (Facebook එකෙන් block කරන ඒව වගේ) privacy කියන එක ගැන අපේ රටේ අය වැඩිය හිතන්නෙ නෑ, නමුත් මම දකින විදිහට සිතිය යුතු පැත්තක්. අපි එකිනෙකා එක්ක සංසන්දනය කලොත් විවිදාකාරයි. එක්කෙනෙක් හිතන පතන දේ අනික් අයට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා ආදරයෙදිත් එකිනෙකා බලන්නෙ එකිනෙක විදිහට. ඒ බව අපි තේරුම් ගන්න ඕනි. හිතන්න එක්කෙනෙක් ඉන්නව කියල තමාගේ ආදරවන්තයා/වන්තිය ගෙ මුහුණ දිහා බලන් ඉන්න ආෂාවක් තියෙන. එයා ආදරය කරන්නෙ රූපයෙන් ලස්සන(සාපේක්ෂයි කළු සුදු නෙවෙයි අදහස් කලේ) නැති කෙනෙකුට නම් මුහුණ දිහා බලන් ඉන්න කොපමණ වෙලාවක් පුළුවන්ද ? ඒ වගේ වෙලාවට තීරණයක් ගන්න වෙනව, ඒ වගේ වෙලාවට අකමැති තීරණයක් ගන්න වෙනවට කැමති අය අඩුයි නේද අපි අතරෙ. ඇත්තටම මම දකින විදිහට අපි හරිහැටි තේරුම්නොගෙන ආදරය කලොත් නම් ලොකු අමාරුවක වැටෙනව, අඩුම තරමින් සිතුම් පැතුම් වත් ගැලපෙන්න ඕනි.

  • නෙරංජි සුලක්ඛනා says:
    February 17, 2011 at 7:50 PM

    ඒ ඉහළින් දක්වා තිබෙන්නෙ මේ නවකතාවෙ සයිකොලොජිකල් පැත්ත....ස්තූතියි හර්

  • Unknown says:
    March 5, 2011 at 10:18 PM

    සංවේදී පද සටහනක්,.....
    ඔබ ලිව්වේ පැනෙන්ද හදවතෙන්ද
    මම ඔහු උනානම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා
    එත් ඔබ දකින්නේ නොලද දෙයක මිහිරියාවද??

Post a Comment